News Line| Off Air
Generic placeholder image

Oct
12

ගුවන් ගමන් ඉතිහාසය අලුත් කල ලෝකයේ දිගම ගුවන් ගමන.

1180 Views


ගුවන් ගමන් ඉතිහාසය අලුත් කල ලෝකයේ දිගම ගුවන් ගමන.

ලෝකයේ දිගම ගුවන් ගමන බ්‍රහස්පතින්දා (11) පියාසර කිරීමට හැමදේම සූදානම්. මේ ගුවන් ගමන් සේවාව මීට කලින් අවුරුදු 5කට කලින් පැවතුනත් එය නවත්වන්නට සිද්ධ වුණේ අධික පිරිවැයක් යන නිසයි.

මේ ගුවන් ගමන කිලෝ මීටර් 15000 ක ගමනක් වෙනවා. මීට කලින් Qatar ගුවන් සමාගම නවසීලන්තයේ ඕක්ලන්ඩ් හා කටාර්හි දෝහා වෙනකන් සේවයක් ආරම්භ කර තිබුණා. ඊට ගත වුන කාලය පැය 17.5 ක්.

Qantas කියන සමාගමද මේ අවුරුද්දෙ මුලදි ඕස්ට්‍රේලියාවේ පර්ත් සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ගුවන් සේවය වෙනකන් සේවයේ යෙදුණා. එය පියාසර කරපු කාලය පැය 17 ක්.

සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපළේ ඉදලා නිව් යෝර්ක් ගුවන් තොටුපළ වෙනකන් පියාසර කරන මේ පලවෙනි ගුවන් පියාසරියට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා සිංගප්පූරු ගුවන් සමාගම කියනවා.

මේ ගුවන් ගමනට එයාර්බස් වර්ගයේ අලුත්ම ගුවන් යානයක් තමයි යොදාගන්නෙ. ව්‍යාපාරික පන්තියෙ ආසන ගණන 67 ක්. අනික් මගී ආසන ගණන 94 ක්. මුළු ආසන ගණන 161 ක්.


News Articles
Latest Videos
Most Popular Post