News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

සීගිරි සිතුවම් 3D වෙයි.

2139 Views


සීගිරි සිතුවම් 3D වෙයි.

පහුගිය කාලයේ සීගිරිය ගැන නිතර කතා බහට ලක්වුනා. ඒ පිදුරංගල නිසා. ලෝක උරුමයක් වුන සීගිරිය වැඩියෙන්ම ජනපිය එහි තියෙන තාක්ෂණය සහ චිත්‍ර නිසා.

සීගිරි චිත්‍ර සහ කුරුටු ගී ආරක්ෂා කරන්න අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ඒ ලේසර් තාක්ෂණය ඔස්සේ ඒවා ත්‍රිමාණ පිටපත් කරන්න. ජර්මනියේ හැම්බර්ග් විශ්ව විද්‍යාලය , මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ කැලණිය විශ්ව විද්‍යාලය එක්ව තමයි මේ ව්‍යාපෘතිය කරන්නේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය බී .ඩි නන්දදේව මහතා ප්‍රකාශ කළේ ලේසර් කිරණ මගින් බිතුසිතුවම් වල සහ කැටපත් පවුරේ ඇති සියලු ස්ථාන ත්‍රිමාණ ආකාරයෙන් පිටපත් කරනවා කියලා. එමගින් ගලේ සිදුවන විනාශකාරී දේ හා වෙනස්වීම් පිළිබඳව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම කැටපත් පවුරේ කියවන්න බැරි සියුම් ස්ථානවල ඇති කුරුටු ගීත පවා කියවන්න මේ මඟින් පුළුවන් කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙම 3D පිටපත් නිසා සිගිරි පව්වට නැගීමට නොහැකි ආබාධිත අය වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්නත් බලාපොරොත්තු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post