කටුනායක ඉඳලා අනුරාධපුරයට ගිය ගුවන් හමුදාවට අයිති ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් එකක් අනතුරට ලක් වෙලා එක් පුද්ගලයෙක් මිය ගිහින් තියෙනවා.තව 5 දෙනෙක්ට බරපතල තුවාලයි කියලා පොලිසිය වාර්තා කරා.
ඊයේ (15) හවස පුත්තලම – අනුරාධපුර මාර්ගයෙ 18 කණුව ප්‍රදේශයෙදි තමයි මේ අනතුර වෙලා තියෙන්නෙ.
අනතුරින් මිය ගිහින් තියෙන්නෙ ඩිෆෙන්ඩර් එක පැදවූ හමුදා සෙබළ නුවන් ප්‍රදීප් රණසිංහයි.ඔහු අනුරාධපුරය , තලාව , කුඹුක්ගස්වැව පදිංචිකරුවෙක් කියලා තමයි පොලිසිය කිව්වෙ.
අනතුර සිද්ධ වෙලා තියෙන්නෙ ඉදිරියෙන් ගිය මෝටර් සයිකලයක් පහු කරන්න උත්සහ කරන්න ගිහින්.