මෙරට ප‍්‍රථම සංගීත මහාචාර්ය, ප‍්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප‍්‍රාප්තවී තිබෙනවා. අභාවප‍්‍රාප්ත වන විට ඇය පසු වුනේ 79 වැනි වියේයි.චූටි මගේ දුව , ඊයෙ රෑ ඔබ සිහිනෙන් , සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ , සපුමල් සුවදක් සේ , සුලෝචනා එතුමිය විසින් ගායනා කළ ගීත කිහිපයක්.
දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. අමරා රණතුංග මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි.