News Line| Off Air
Generic placeholder image

Oct
16

“Page එකේ Post දැකලා සියදිවි හානි කර ගන්න හදපු අයත් මට කතා කරා” – මහත්තයා Page එකේ Admin පළවෙනි වරට මාධ්‍යට කතා කරයි.

6552 Views


“Page එකේ Post දැකලා සියදිවි හානි කර ගන්න හදපු අයත් මට කතා කරා” – මහත්තයා Page එකේ Admin පළවෙනි වරට මාධ්‍යට කතා කරයි.

මහත්තයගෙ ඇත්ත නම මොකක්ද?

මගෙ නම ඇන්ඩෘ කුශල් ජයතිලක.

මහත්තයා ඇඩ්මින් විදිහට ඇන්ඩෘ සමාජෙ හැංගිලා ඉන්න චරිතයක්ද?

ඇත්තටම මම අවුරුදු එකාමාරක් විතර මගෙ යාළුවොවත් දන්නෙ නැතුව හිටියා. දැන් නම් හැබැයි දන්නවා කට්ටිය.

මොකද හිතුණෙ එලියට බහින්න ඕනි කියලා?

එහෙම හිතුණෙ නම් නෑ. මුලින්ම ඉතිං යාළුවො දැනගත්තා . ඊට පස්සෙ ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලගෙ ගෲප් එකක් එහෙම තිබ්බා. ඒකෙන් පස්සෙ හැමෝම වගේ දැනගත්තා. දැන් ඉතිං එලියෙත් මහත්තයා ඇඩ්මින් විදිහට පෙනී ඉන්නවා.

ඇන්ඩෘ විතරද මේ පේජ් එක කරන්නෙ ? නැත්නම් තව ඇඩ්මින්ලා ඉන්නවද?

නෑ..නෑ.. මම විතරක් නෙවෙයි. මුලදි නම් මම තනියම කරේ. පස්සෙ මගෙ යාළුවො සෙට් එකක් මේකට සෙට් වුණා. දැනුත් ඒ අය ඉන්නවා. මටත් වඩා මගේ යාළුවො තමයි දැන් පේජ් එක කරන්නෙ.

පේජ් එක පටන් ගත්තෙ මොන වගේ අයිඩියා එකක් ඔලුවෙ තියාගෙනද ?

ලංකාවෙ මිනිස්සු හරිම නෙගෙටිව්. පොසිටිව් විදිහට හිතන්න පුළුවන් සමාජයක් තමයි අපිට ඕනි. ඒ වගේ අයට මෝටිවේශන් එකක් දෙන්න ඕනි නිසයි පේජ් එක පටන් ගත්තෙ.

පේජ් එකේ ලයික් ගාණ වැඩි කරගන මොන වගේ කට්ටක්ද කෑවෙ ?

මහත්තයා තමයි ලංකාවෙ වේගෙන්ම ලයික් වැඩි වෙච්ච පේජ් එක. ෆේස්බුක් එකට සල්ලි ගෙවන්නෙ නැතුව ලයික් ගන්න පුළුවන් වුණා. මට මතකයි මුල් කාලෙ එක සතියකට ලයික් 6000 පන්නලා ලයික් ආවා. ඊට පස්සෙ අපි ලයික් වැඩි කරගන්න එක එක ඉවෙන්ට් කරා. එකපාරක් අයිෆෝන් එකක් දුන්නා. ඒ වගේම සෑහෙන්න කට්ටක් කෑවා.

පේජ් එක නිසා මුකුත් ප්‍රශ්න එහෙම ඇතිවෙලා නැද්ද ?

ප්‍රශ්න නම් වෙලා නෑ. මොකද මම පේජ් එකෙන් කාටවත් මඩ ගහන්නෙ නැති නිසා. ඒ නිසා දැනට මුකුත් එහෙම කියන්න තරම් ප්‍රශ්නයක් වෙලා නෑ.

අනිත් පේජ් ගැන දරන මතය මොකක්ද ?

ඇත්තටම මේ දවස් වල ෆේස්බුක් යන විදිහට නම් මම ඒ තරම් කැමති නැහැ. පේජ් එක පටන් ගන්නකොටත් මට තිබ්බෙ ඒ වගේ මතයක්. විහිලු කරන එක නම් කමක් නෑ. ඒත් කාගෙ හරි චරිතයක් අල්ලගෙන ඒකට මඩ ගහන එකට නම් මම කැමති නෑ.

ඇන්ඩෘ පේජ් එක හරහා මොකක් හරි දේශපාලන මතයක් දරනවද?

පේජ් එක හරහා තියා මමවත් දේශපාලන මතයක් දරන්නෙ නැහැ. ලංකාවෙ Politics ගැන මගේ ඒ තරම් කැමැත්තක් නැහැ. ඒ නිසා මම මහත්තයා පේජ් එකෙන් දේශපාලනයක් කරන්නෙ නැහැ.

ඇන්ඩෘ දිහා , මහත්තයා දිහා බලාගෙන ඉන්න ෆේස්බුක් එකේ මේ වගේ අලුත් දෙයක් කරන්න බලාගෙන ඉන්න අයට ඇන්ඩෘ මොකද කියන්නෙ?

ෆේස්බුක් කියන්නෙ ඇත්තටම හොඳ දෙයක්. ලොකු මතයක් සමාජයට ගෙනියන්න පුළුවන්. ඒක හොඳ මතයක් නම් පටන් ගන්න කියලා මම කියනවා. ඒත් ඒ දෙයින් කාට හරි හිත රිදෙනවා නම් , මඩක් වදිනවා නම් ඒ වගේ දේවල් කරන්න එපා.

පේජ් එක නිසා මොනවද ඇන්ඩෘට අලුතින් ලැබුණෙ ?

ජීවිතේට ලැබුණ ලොකුම දේ තමයි මට හොඳ යාළුවො සෙට් එකක් හම්බ වුණා. මගේ පේජ් එකේ ඇඩ්මින්ලා ටික ලැබුණා මට. නිපුන් , නයෝමි , සුරාජ් , දුෂ්මන්ත ,දිනිසුරු ඒ වගේම අනිත් පේජ් ඇඩ්මින්ලා. ගොඩක් හොඳ යාලුවො ලබුණා. ඒ එක්කම පේජ් එක මම කරන්නෙ කියලා දන්නෙ නැති කාලෙ ගොඩක් අය කතා කරා ජීවිතේ වැටුණ. මට ඒ අයගෙ හිත හදන්න පුළුවන් වුණා. ඒ වගේම පේජ් එකට ආපු මැසේජ් වලින් ” ඔයා නිසා මම මේ දේවල් කරා ” කියලා මට ඒකෙන් ලොකු සතුටක් ලැබුණා. සියදිවි හානි කරගන්න ගිය අය පවා කතා කරා. මට පුළුවන් වුණා ඒ අයගෙ හිත හදන්න.

ඇන්ඩෘ තාම ඉගෙනගන්නවද එහෙම නැත්නම් ජොබ් එකක් කරනවද ?

මම ඉගෙනගන්න පිටරට ඇවිත් ඉන්නෙ. ඒක නිසා පේජ් එක මට ලොකුවට බලන්න වෙන්නෙ නෑ. මගේ යාළුවො තමයි පේජ් එක බලන්නෙ. ෆේස්බුක් කියන්නෙ මගේ ජොබ් එක නෙවෙයි.

අවසාන වශයෙන් ඇන්ඩෘට කියන්න තියෙන්නෙ මොනවගේ දෙයක්ද?

ඔයාලා ෆේස්බුක් පාවිච්චි කරනකොට ඒකෙන් කාටවත් හානියක් නොවෙන විදිහට හිතලා වැඩ කරන්න. ස්ටේටස් එකක් දානකොට වුණත් කාගෙවත් හිත රිදෙන්නෙ නැති විදිහට ඒ දේවල් පාවිච්චි කරන්න කියන එක තමයි කියන්න තියෙන්නෙ.

 


News Articles
Latest Videos
Most Popular Post