News Line| Off Air
Generic placeholder image

Oct
16

“කවුරුත් කියන පලියට විවාහ වෙන්න බෑ. මම හෙට මැරෙයිද කියන්න බෑ” – ශලනි තාරුකා

1458 Views


“කවුරුත් කියන පලියට විවාහ වෙන්න බෑ. මම හෙට මැරෙයිද කියන්න බෑ” – ශලනි තාරුකා

ශලිනි ලියන්න කැමති කෙනෙක්ද?

මම පොඩි කාලෙ ඉදලම සිංදු ලිව්වා. ඒවා ප්‍රසිද්ධ කළේ නෑ ඒත්.මේ ලගදි තමයි ඒවා ප්‍රසිද්ධ කලේ.ප්‍රේක්ෂකයින්ගෙ හොඳ ප්‍රතිචාර ඒවට ලැබුණා.

ඒ ප්‍රතිචාර නිසාද ලියපු පද ගීත බවට පත් කරේ?

මට ගීත ලියන්න ඕනිකමක් තිබ්බෙ නෑ. මගේ ගීත දෙකක් පෙන්නලා කෙනෙක් කිව්වා මෙලඩියක් දාලා සිංදුවක් කරමු කියලා. ‘යලි හමු වෙමු’ ගීතය ආවෙ ඒ විදිහට.

ශලිනි මේ ලියන්නෙ ජීවිතේ හැංගිලා තියන දේවල්ද?

ඕනම කෙනෙක්ට අදාලයි මට විතරක් නෙවෙයි.

ඔහොම ඉදලා ශලිනි ගායිකාවකුත් වෙයිද?

අපෝ මට සිංදු කියන්න බෑ

කාලයක් නිහඬ වෙලා ඉඳලා දැන් ආයෙත් වැඩ පටන් අරගෙන නේද?

මම මෙගා නාට්‍ය වලට සම්බන්ධ වෙන්නෙ නෑ කියලා හිතුවා.වෙනදා වගේ වැඩ කරගෙන යනවා.

ශලිනිට පහුගිය දවස් වල ගොඩක් විවේචන එල්ල වුණා නේද? ගොඩක් අය හිතුවෙ දැන් ශලිනිගෙ කාලෙ ඉවරයි කියලා?

මම කාටවත් වැරදි කරලා නෑ. වෙච්ච දේවල් එක්ක මම තව තවත් ශක්තිමත් වුණා.

මේ සිද්ධිය එක්ක ගොඩක් අය ඔබව වැරදිකරු කරා නේද අහන්නෙත් නැතුව?

ලංකාවෙ ගොඩක් වෙලාවට හම්බෙන්නෙ කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ තීන්දු .මම වෙන හ්මදේටම නිහඬව හිටියා. මම හරි කියලා මම දන්නවා.

ඒ අඳුරු සිදුවීම වෙලා අවුරුද්දකුත් ඉවරයි. ඒ සිද්ධිය සහ අදාල කෙනාව ඇත්තටම අමතක කරලා දාන්න පුළුවන්ද?

ජීවිතේටවත් හිතපු නැති දෙයක් වුණේ. එක මොහොතක් හරි ලඟින් හිටපු කෙනෙක්ව , අවුරුදු ගාණක් දන්න යාළුවෙක්ව අමතක කරන්න බෑ.හැබැයි මම ඒකෙම එල්බගෙන ඉන්නෙත් නෑ.මගේ ගමන මම යන්න ඕනි.මට මැරෙන්න බෑ.මට චරිත දෙද්දි ඒක හිත හිත අඬන්න බෑ.මට කවදාවත් ඒක අමතක කරන්න බෑ.මම ඒ කාලෙම මගේ ජීවිතේ හදාගත්තා.

ශලිනි ජීවිතේ විශේෂ කෙනෙක් තෝරගන්නෙ නැද්ද?

එහෙම බලාපොරොත්තුවක් මට නෑ.ඉස්සර තිබ්බා.මගේ ජීවිතේ මාව බලාගන්න පුළුවන් කෙනෙක් ආවොත් ජීවිතේට ඉඩ දෙනවා.සහ්මහරු කියනවා ඒ දේ අමතක කරන්න විවාහ වෙන්න කියලා.ඒත් ඒක ලේසියෙන් කරන්න බෑ.

ජීවිතේ මොනවද බලාපොරොත්තු?

මේ මොහොතෙ කරදරයක් නැතුව ජීවත් වෙන එක තමයි.


News Articles
Latest Videos
Most Popular Post