News Line| Off Air
Generic placeholder image

Oct
16

කොළඹ 7 ප්‍රසිද්ධ පිරිම පාසලක සිසුන් පිරිසක් විදුහල්පති කාමරයේදී සිසුවෙකුට, මවට සහ පියාට පහර දීලා

995 Views


කොළඹ 7 ප්‍රසිද්ධ පිරිම පාසලක සිසුන් පිරිසක් විදුහල්පති කාමරයේදී සිසුවෙකුට, මවට සහ පියාට පහර දීලා

කොළඹ 7 ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝලෙක විදුහල්පතිගේ කාමරයෙදි සිසුන් පිරිසක් පහර දීලා සිසුවෙකුයි ඔහුගෙ පියයි බරපතල තුවාල ලබලා තියෙනවා. ඒ අය මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා පොලිසිය කිව්වා.

මේ පහර කෑමට ලක් වෙලා තියෙන්නෙ ඒ පාසලේ උසස් පෙළ කලා අංශයෙ සිසුවෙක්. මේ පාසලේ ශිෂ්‍ය නායකයන් පිරිසක් මේ සිසුවාට මීට පෙරද කීප අවස්ථාවකදීම පහර දීලා තියෙනවා. ඊයේ මේ සිසුවගෙ මව්පියන් සිසුවා එක්ක විදුහල්පතිව හම්බ වෙන්න ඇවිත් තියෙනවා. ඒ වෙලාවෙ සිසුන් පිරිසක් ඇවිත් මේ සිසුවට එක දිගටම පහර දීලා තියෙනවා. ඒක වලක්වන්න සිසුවගෙ පියාත් මවත් මැදිහත් වුණ අවස්ථාවෙ ඒ අයටත් මේ පහර කෑම් එල්ල වෙලා තියෙනවා. ඔවුන් පහර දීලා තියෙන්නෙ පොලු වලින්.

මේ සිද්ධිය වෙන අවස්ථාවෙ විදුහල්පතිවරයා පාසලේ ඉඳලා නැහැ. විදුහල්පතිවරයා එනකන් කාර්යාලයේ ඉන්න අතරතුරේ තමයි මේ පහර දීම සිද්ධ වෙලා තියෙන්නෙ.

ඉස්කෝලෙ සිසුන් හා ගුරුවරුන් හැමදෙනාම බලන් ඉන්නකොට තමයි මේ පහර දීම සිදු කරේ කියලා සිසුවගේ මව කියනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය කිව්වෙ සිද්ධියට අදාල පහර දුන් සියලුම සිසුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා කියලයි.


News Articles
Latest Videos
Most Popular Post