News Line| Off Air
Generic placeholder image

Oct
16

ශ්‍රී ලංකාව පළවෙනි යොවුන් ඔලිම්පික් පදක්කම දින ගනී.

723 Views


ශ්‍රී ලංකාව පළවෙනි යොවුන් ඔලිම්පික් පදක්කම දින ගනී.

මලල ක්‍රීඩකයෙක්ගේ හෝ ක්‍රීඩිකාවකගේ එකම සිහිනය තමයි ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න එක. තාමත් ලංකාවට ඔලිම්පික් පදක්කම් 2 ක් විතරයි දිනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

හැබැයි ඊයේ ලංකාවට පළවෙනි යොවුන් ඔලිම්පික් පදක්කම හිමි වුණා. ඒ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන්. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්න පාරමී වසන්ති සමත් වුණා.

ඇය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. පාරමී වසන්ති මාරිස්ටෙලා හලාවත ධීවර පවුලක උපන් පාසල් කී‍්‍රඩිකාවක්.

යොවුන් ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ආජන්ටිනවේදී. ශ‍්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් කී‍්‍රඩා ඉතිහාසයේ දිනා ගත් පළමු පදක්කමද මෙය වනවා. ඒ වගේම ශී‍්‍ර ලංකාව මළල කී‍්‍රඩා ඉසව්වකින් වසර 10කට පසු දිනා ගත් පළමු ජාත්‍යන්තර මට්ටමේ පදක්කමද මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post