News Line| Off Air
Generic placeholder image

Oct
17

ඇමෙරිකාවෙන් සෝමාලියාවට ගුවන් ප්‍රහාර.

712 Views


ඇමෙරිකාවෙන් සෝමාලියාවට ගුවන් ප්‍රහාර.

ඇමෙරිකාවයි සෝමාලියවයි කියන්නේ අහසයි පොළවයි වගේ. ඇමෙරිකාව ලෝකයේ බලවත්ම රට වෙද්දී සෝමාලියාව ලෝකයේ දුප්පත්ම රට වෙලා තියෙනවා. හැබැයි ඇමෙරිකාව ඊයේ සෝමාලියාවට ගුවන් ප්‍රහාර එල්ල කරා. ඒ සෝමාලියානු රජයේ හමුදා වලට එරෙහිව නම් නෙවෙයි.

සෝමාලියාවේ අල් ශබාබ් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව. සෝමාලියාවට එල්ල කරන ලද ගුවන් ප‍්‍රහාරයකින් අල් ශබාබ් ත‍්‍රස්තවාදී සාමාජිකයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වෙලා තියෙනවා. ප්‍රහාරයේ වගකීම ඇමෙරිකාව භාරගෙන තියෙනවා.

තම හමුදා එල්ල කළ එම ගුවන් ප‍්‍රහාරයෙන් කිසිදු සිවිල් වැසියෙකුට හානියක් වෙලා නෑ කියලයි ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ. මේ සදහා තමන්ට සෝමාලියානු රජයේ සහාය ද හිමි වූ බව ඇමෙරිකාව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙනවා.

පසුගිය වසරක කාලය තුළ සෝමාලියාවට එල්ල වූ දරුණුම ගුවන් ප‍්‍රහාරය මෙය වනවා. 2017 වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් සෝමාලියානු සටන්කරුවන් 100 දෙනෙකු මියගියා.


News Articles
Latest Videos
Most Popular Post