News Line| Off Air
Generic placeholder image

Oct
17

තුන්වන එක්දින තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

910 Views


තුන්වන එක්දින තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟය දවල් 2,30 ට ආරම්භ වෙන්න නියමිතයි. දිවා රාත්‍රී තරඟයක් විදියට තමයි අද තරඟයත් පැවැත්වෙන්නේ.

තරඟාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියා ගන්න නම් ශ්‍රී ලංකාව අද තරඟය අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතු වෙනවා. ඒ වගේම එංගලන්තයත් තරඟාවලිය ජය පහසු කර ගන්න අද තරඟය ජයග්‍රහණය කර යුතු වෙනවා. අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා.

මීට කලින් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව දෙවතාවක් සටන් වැදිලා තියෙනවා. ඉන් එක් තරඟයක් එංගලන්තය ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකාව එක් තරඟයක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා පල්ලෙකැලේ පිටිය එක් රටකට වාසි පිටියක් විදියට හඳුන්වන්න බෑ.

පල්ලෙකැලේ පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර උපුල් තරංග ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා අද තරඟයේ වැඩි බරක් ඔහුට දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තිසර පෙරේරා, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක පල්ලෙකැලේ පිටියේ ලකුණු අතර සිටින පිතිකරුවන්. ලසිත් මාලිංග පල්ලෙකැලේ පිටියේ වැඩිම කඩුලු ලාභියා වෙනවා. ඒ වගේම දෙවෙනි තරඟයේ දැක්වුව දස්කම් මේ තරඟයේදීත් ඔහු පෙන්වයි කියලා ක්‍රීඩා විචාරකයින් අදහස් දක්වනවා. ඒ වගේම තිසර පෙරේරා සහ අකිල ධනංජය පල්ලෙකැලේ පිටියේ හොඳින් පන්දු යවන ක්‍රීඩකයින්

අද තරඟයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදු වෙලා තියෙනවා. අබාධයක් නිසා කුසල් ජනිත් අද තරඟයට ක්‍රීඩා කරන්නේ නෑ. ඒ වෙනුවට සධීර සමරවික්‍රමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ ආබාධයකට ලක්ව සිටින දඟ පන්දු යවන ක‍්‍රීඩක ලියම් ඩොසන් වෙනුවට ජෝ ඩෙම්ලි කැඳවලා තියෙනවා.

කොහොම වුනත් අද තරඟයටත් වැස්සේ බාධා ඇති වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ නිසා වේගයෙන් ලකුණු රස කිරීම වැදගත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post