News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

රත්න ශ්‍රීට රුහුණු සරසවියෙන් ආචාර්ය උපාධියක්.

1945 Views


රත්න ශ්‍රීට රුහුණු සරසවියෙන් ආචාර්ය උපාධියක්.

ලංකාවේ කලාවට සුවිශේෂී මෙහෙවරක් කරමින් ඉන්න විද්වතෙක් තමයි රත්න ශ්‍රී විජේසිංහ මහතා. ප්‍රවීණ ගී පද රචකයෙක් විදියට එතුමා ප්‍රසිද්ධියක් උසුලනවා.

එතුමා සිංහල සාහිත්‍යට කරන ලද සේවය අගය කරලා “දර්ශන විශාරද” ආචාරය උපාධිය පුද කරන්න රුහුණු විශ්ව විද්‍යාලය කටයුතු කරා. එම විශ්ව විද්‍යාලයේ පැවැත්වුන උපාධි පිරිනැමීමේ උත්සවයේදී රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා අතින් මෙම උපාධිය පිරිනැමුණා.

රත්න ශ්‍රී විජේසිංහයන් මේ වන විට ගීත හා කාව්‍ය ග්‍රන්ථ 50 ක් පමණ එළිදක්වලා තියෙනවා. එම ග්‍රන්ථ අතරින් සුභ උදෑසනක්, වංකගිරි අරණ, සුදු නෙළුම, තෙත තෙළුපුල්, ආලක මන්දාව, නිකිණි වැස්ස, සින්දු කියන උණ පඳුර, පොල්පිති හරකා යන කෘති 8 සඳහා රාජ්‍ය සම්මාන හිමි වෙලා තියෙනවා.

මීට අමතරව ජපන් රජයෙන් ලැබුන බුන්කා සම්මානයද, සුමති සම්මාන සහ සරසවි සම්මාන ඇතුළු සම්මාන 65 ක් ද, යෞවන සම්මාන 34 ක් ද හිමිකර ගෙන තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post