News Line| Off Air
Generic placeholder image

Oct
18

T20 වුන එක්දින තරඟය එංගලන්තය ජය ගනී. – Photo

1536 Views


T20 වුන එක්දින තරඟය එංගලන්තය ජය ගනී. – Photo

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරඟය ඊයේ පැවැත්වුණා. ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. මේ තරඟයටත් වැහි දෙවියන්ගේ බැල්ම වැටිලා තිබුණා. ඒ නිසා එක්දින තරඟය T20 තරඟයක් විදියට තමයි පැවැත් වුණේ.

වර්ෂාව නිසා තරඟය ඉනිමකට පන්දුවාර 21 කට සීමා වුණා. කාසියේ වාසිය දිනා ගත්ත එංගලන්තය මුලින් ලකුණු රැස්කිරීමේ අවස්ථාව ලංකාවට දුන්නා. කාලෙකට පස්සේ වේගවත් ආරම්භයක් ලංකාවට ලබා දෙන්න දික්වැල්ල සමත්වුණා. ඔහු ලකුණු 36 කට දැවී ගියා. සධීර ලකුණු 35 යි. නායක චන්දිමාල් ලකුණු 34 යි.

දසුන් ශානක වේගවත් ලකුණු 21 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් පිට පිට 3 වෙනි වතාවටත් ලකුණු නොලබා දැවී ගියා. පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාවට ලකුණු 150 ක් විතරයි රැස් කර ගන්න පුළුවන් වුණේ. ඒ කඩුලු 9 ක් දැවී. සුපිරි පන්දු යැවීමක නිරත වුන අදිල් රෂිඩ් කඩුලු 4 ක් දවා ගත්තා. ටොම් කරන් කඩුලු 3 යි.

ලකුණු 151 ක් ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 18.3 කදී ජයග්‍රහණය ලබා ගත්තා. ඒ කඩුලු 3 ක් විතරක් දැවී. ජේසන් රෝයි ලකුණු 41 යි. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා. 4 වන කඩුල්ලට නොබිඳුණු ලකුණු 73 ක සබඳතාවක් ගොඩ නගන්න මෝගන් සහ ස්ටොක්ස් ගොඩනැගුවා.

නායක මෝගන් නොදැවී ලකුණු 58 යි. ස්ටොක්ස් නොදැවී ලකුණු 35 යි. අමිල අපොන්සු කඩුලු 2 යි. තරඟයේ වීරයා අදිල් රෂිඩ්.


News Articles
Latest Videos
Most Popular Post