News Line| Off Air
Generic placeholder image

Oct
19

“විවාහයට වියදම් වුණේ රුපියල් 3000 යි.” – විවාහ වෙන්නේ නෑ කියපු දසුන් විවාහ වුන හේතුව මුල්වරට මාධ්‍යට කියයි.

1712 Views


“විවාහයට වියදම් වුණේ රුපියල් 3000 යි.” – විවාහ වෙන්නේ නෑ කියපු දසුන් විවාහ වුන හේතුව මුල්වරට මාධ්‍යට කියයි.

දසුන් පතිරණ කියන්නෙ දක්ෂ නළුවෙක්. දසුන් ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්. දසුන් තමන්ගෙ පෙම්වතිය එක්ක ජීවත් වුණේ living together. මේ දෙන්නට මාස 8 ක පුංචි දියණියක් ඉන්නවා. හංසිගෙ උපන්දිනය දවසෙ හංසි සහ දසුන් විවාහ වෙලා තියෙනවා.

නීත්‍යානුකූලව විවාහ වෙච්ච නැති ගැහැණු කෙනෙක් අම්මා කෙනෙක් වුණාම තමන්ගෙ පෙම්වතාට කසාදෙට බල කරන එක සාමාන්‍ය දෙයක්ද? මේත් ඒ වගේ දෙයක්ද හංසි?

නැහැ. මම එහෙම සාම්ප්‍රදායික කෙනෙක් නෙවෙයි. ලංකාවෙ තියෙන නීති රීති නිසයි අපි ඒ වගේ දෙයක් කරේ.

මොකක්ද ඒකට හේතුව?

මට ස්විඩන්වල පුරවැසිභාවය තියෙනවා. දුවව රට අරගෙන යන්න අපිට නීතිමය විවාහයක් ඕනි. ඒ නිසයි අපි විවාහ වුණේ.

කොහොමද මේ විවාහය කරේ?

අපි දෙන්නයි සාක්ෂිකාරයො දෙන්නයි විතරමයි ඒ අවස්ථාවට සහභාගි වුණේ.

මනාලියක් වෙන එක ගොඩක් ගෑණු ළමයිගෙ හීනයක්.ඔයාට එහෙම එකක් නැද්ද?

මම විවාහය ලියාපදිංචි කරන දවසෙ ඇන්දෙ සාමාන්‍ය ගවුමක්. දසුනුත් වෙනදා වගේමයි. ඒ දවස හරිම සාමාන්‍ය දවසක් විතරයි.

තව අමුත්තෙක් කැදැල්ලට එන්න සූදානම් නේද?

ඔව් තව මාස තුනකින් අපේ දෙවෙනි දරුවා ලැබෙනවා.

පළවෙනි දරුවට මාස 8 ක් වෙනකොට දෙවෙනි දරුවෙක් ගැන හිතුවෙ ඇයි?

දරුවා ලැබුණම මම මහත් වුණා. කෙට්ටු වෙලා දරුවෙක් ලබනවට වඩා දරුවෙක් ලබලම කෙට්ටු වෙන එක හොදයි කියලා හිතුණා.

මොක්ද මේ ගැන හිතන්නෙ දසුන්?

එදා දවසෙ මගෙයි හංසිගෙයි විවාහය ලියාපදිංචි කරන්න ගියේ විනාඩි 15 යි.රුපියල් 3000 යි අපිට වියදම් වුණේ. මම දෙවෙනි වතාවටත් තාත්තා කෙනෙක් වෙන්න යනවා. දරුවො දහයක් විතර හිටියා නම් හොඳයි.ඒත් මේ ආර්ථිකය නිසා ඔය දරුවො දෙන්නා ඇති.


News Articles
Latest Videos
Most Popular Post