ලෝකයේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අතුරුදහන් වීම. තුර්කි රජය නම කියන්නේ ඔහුව සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනය කරලා කියලා.
ඊයේ (16) එරට පිහිටි සෞදි කවුන්සිලර්වරයාගේ නිල නිවෙසත් පරික්ෂා කරා. ජමාල් කෂෝගී ගෙන් සෞදි කවුන්සිල් කාර්යාලයේදී ප්‍රශ්න කිරීමේදී පටිගත කරන ලද බව කියන හඩ පටයක් මිට පෙර තුර්කි විමර්ශන බලධාරීන් වෙත ලැබිලා තිබුණා. තුර්කි බළධාරින් සදහන් කරන්නේ මාධ්‍යවෙදියාව සෞදි කවුන්සිලර් කාර්යාලයේ ඉහළ මාළයේ පිහිටි කාමරයකදි ඝාතනය කරලා කියලා.
තුර්කි මාධ්‍ය සදහන් කරන්නේ මේ සදහා සෞදියේ සිට 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෞද්ගලික ගුවන් යානාවකින් එරටට ඇවිත් කියලා. එම කණ්ඩායමේ පුද්ගලයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර වල තොතුරුද මේ වන ව්ට තුර්කි මාධ්‍ය විසින් හෙළි කරගෙන තියෙනවා. සෞදි ඔටුන්න හිමි කුමරුගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් පත්කර සිටි මාහිර් අබ්දුල්අසීස් මුට්රේබ් සහ වෛද්‍යවරයෙක් වන සාලාහ් මුහුම්මද් යන අයද ඒ අතර සිටි බවට හෙළිවෙලා තියෙනවා.
තුර්කි බලධාරීන් අනුමාන කරන්නේ මුලින්ම මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අත්වල ඇඟිලි මුලින් කපා ඉවත් කරලා කියලා. ඊට පස්සේ ඔහුගේ ශරීරයට ෂ සහිත එන්නතක් ලබාදී ඝාතනය කරලා තියෙනවා. පස්සේ සිරුර කැබලි වලට කපා ඇසිඩ් ද්‍රාවණයක ගිල්වා සිරුරේ කොටස් විනාශ කරලා කියලා තුර්කි බලධාරීන් අනුමාන කරනවා.
තුර්කි බලධාරීන් සතුව ඇති මාධ්‍යවේදි ජමාල් කෂෝගීගේ හඩ පටය තමන්ට දෙන්න කියලා ඇමෙරිකා ජනපති ඉල්ලලා තියෙනවා.