News Line| Off Air
Generic placeholder image

Oct
19

සුපිරි ක්‍රිකට් තරුව තරඟ පාවාදීමේ චෝදනාව පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි – Video

2995 Views


සුපිරි ක්‍රිකට් තරුව තරඟ පාවාදීමේ චෝදනාව පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි – Video

හිටපු පාකිස්ථාන දඟ පන්දු ක්‍රීඩකයෙක් වෙන ධනිෂ් කනේරියා තමන් තරඟය පාවා දුන්නා කියලා පිළි අරගෙන තියෙනවා.

පාකිස්ථාන ජාතික ක්‍රිකට් පිලට අමතරව එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත පිල වෙනුවෙන් කනේරියා මේ විදිහට තරඟ පාවා දීම කරල තියෙන්නෙ 2009 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියෙදි.

ඒ අවස්ථාවෙදි කනේරියාටයි තව ක්‍රීඩකයෙක්ටයි චෝදනා එල්ල වෙලා තිබුණා. සාක්ෂි නැති නිසා ඒ වෙලාවෙ ඔවුන්ව නිදහස් කරලා තිබුණා. එංගලන්ත ක්‍රීඩකයාට මාස දෙකක සිරදඬුවමක් නියම වෙලා තිබුණා.

මේ සිද්ධියෙන් පස්සෙ කනේරියාගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නතර වුණා. ඒත් ඔහු ඒ අවස්ථාවෙදී තමන්ගෙ වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. ඒත් අල් ජසීරා රූපවහිනිය වෙනුවෙන් සාකච්ඡාවක් දුන්න කනේරියා තමන්ගෙ වරද පිලි අරගෙන තියෙනවා.

ඒ සාකච්ඡාවෙදි එංගලන්ත පිලෙනුයි තමන්ගෙ මව් රට වුණ පකිස්ථානයෙනුයි සමාව ඉල්ලා සිටියා.

https://youtu.be/1MmUk4mXoGA


News Articles
Latest Videos
Most Popular Post