කලින් දැනුම් දීමක් නැතුවම ඇඹිලිපිටිය සිට කොළඹ වෙනකන් යන පෞද්ගලික බස් සේවකයින් අද (22) වැඩ වර්ජනයක් පටන් අරගෙන තියෙනවා. මේ වැඩ වර්ජනයට ලංගම බස් සේවකයින්ද එකතු වෙලා තියෙනවා.
කොළඹ සිට මොනරාගල බලා යන බස් රථ සේවකයෙකුට කොළඹ – ඇඹිලිපිටිය බස් රථ රියදුරෙක්ට පහරදීමේ සිද්ධියකට විරෝධය පල කරලා තමයි මේ වැඩ වර්ජනය පටන් අරගෙන තියෙන්නෙ.
මේ වැඩ වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා.