News Line| Off Air
Generic placeholder image

Oct
22

ක්‍රිකට් තරඟ පාවා දීමේ ලැස්යිස්තුවක් එළියට

2439 Views


ක්‍රිකට් තරඟ පාවා දීමේ ලැස්යිස්තුවක් එළියට

මහත්වරුන්ගේ ක්‍රීඩාව විදිහට හඳුන්වන ක්‍රිකට් බුකිකරුවන්ගේ අතට පත් වෙලා තියෙන බව දිගින් දිගටම මාධ්‍යයෙන් විවේචන එල්ල කරනවා. ක්‍රිකට් පාලයන වෙන්නෙ ඉන්දීය බුකිකරුවන්ට ඕනි විදිහට කියලත් කතා පැතිරෙනවා.

ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් වෙන මහේන්ද්‍ර සිං දෝනි , සුරේෂ් රයිනා කියන ක්‍රීඩකයින්ටත් තරඟ පාවා දීමේ චෝදනා එල්ල වුණත් ඒ පරීක්ෂණ යට ගැසූ බවට කතාවක් පවතිනවා.

තරඟ පාවා දීමේ සිදුවීම් හෙළි කරන අල් ජසීරා මාධ්‍ය ආයතනය සිදු කරපු ගවේෂණයේ දෙවන වීඩියෝ පටය එළි දක්වලා තියෙනවා. අල් ජසීරා රූපවාහිනී සේවය කියන්නෙ මේ මුදලට තරඟ පාවා දීම එංගලන්තය , ඕස්ට්‍රේලියාව , පකිස්ථානය කියන රට වල ක්‍රීඩකයින් සම්බන්ධයි කියලයි.

2011 – 2012 තරඟ වාරයේදී එංගලන්තයේ ක්‍රීඩකයින් තරඟ හතකදී . ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් තරඟ 5 කදී , පාකිස්ථාන ක්‍රීඩකයින් තරඟ 3 කදී මේ විදිහට මුදලට තරඟ පාවා දීලා තියෙන බව හෙළි කරගෙන තියෙනවා. එක්දින තරඟ 6 ක , ටෙස්ට් තරඟ 6 ක , විස්සයි විස්ස තරඟ 3 ක මේ විදිහට තරඟ පාවා දීම් සිදු වෙලා තියෙනවා.

මේ විදිහට පාවා දීපු තරඟ වල විස්තර පහතින් දැක්වෙනවා.

1) ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර එක්දින තරගය (21.01.2011)
2) ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරගය – ලෝක කුසලාන තරගාවලිය (21.02.2011)
3) එංගලන්තය සහ නෙදර්ලන්තය අතර එක්දින තරගය – ලෝක කුසලාන තරගාවලිය ( 22.02.2011)
4) ඕස්ට්‍රේලියාව සහ කෙන්යාව අතර එක්දින තරගය – ලෝක කුසලාන තරගාවලිය (13.03.2011)
5) එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරගය – ලෝක කුසලාන තරගාවලිය (06.03.2011)
6) එංගලන්තය සහ බංග්ලාදේශය අතර එක්දින තරගය -ලෝක කුසලාන තරගාවලිය (11.03.2011)

7) එංගලන්තය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගය (21-25.07.2011)
8) දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගය (09-11.11.2011)
9) ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගය (09-12.12.2011)
10) එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගය ( 17-19.01.2012)
11) එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගය ( 25-28.01.2012)
12) එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගය (03-06.02.2012)

13) ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි 20 තරගය – ලෝක කුසලාන (18.09.2012)
14) එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර විස්සයි 20 තරගය – ලෝක කුසලාන (21.09.2012)
15) දකුණු අප්‍රිකා සහ පාකිස්ථානය අතර විස්සයි 20 තරගය – ලෝක කුසලාන (28.09.2012


News Articles
Latest Videos
Most Popular Post