පසුගිය කාලය තිස්සේම කවුරුත් කතාබහ කරපු ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස්. ඒ දිගින් දිගටම අසාර්ථක වීම නිසා. ඒත් අද තරගයේදී ඒ සියල්ලටම පිත්තෙන් උත්තර දුන්න කුසල් මෙන්ඩිස් පන්දු 33ක් තුල වේගවත් ලකුණු 54ක් ලබාගත්තා. එයට හයේ පහර හයක් ඇතුලත් උනා. මේ විදිහට අර්ධශතකය ලබා ගත්ත කුසල් මෙන්ඩිස් විවේකාගාරය දෙසට හැරිලා ආචාර කරන විදිහ කවුරුත් දැක්කා. කවුරුත් කිව්වේ කුසල් මේ විදිහට ආචාරකලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු හතුරුසිංහට කියලයි. ඒ කවුරු චෝදනා කලත් කුසල් මෙන්ඩිස්ට අවස්ථාව ලබාදීම නිසා කියලයි වැඩිදුරටත් සමාජජාලා වල කියලා තිබුණේ.