News Line| Off Air
Generic placeholder image

Oct
23

ශ්‍රී ලංකා ක්‍රිකට් හොරු රැළේ ප්‍රධානියෙක් කොටු – වංචාකල මුදල කෝටි තුනකටත් වැඩියි

1092 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් හොරු රැළේ ප්‍රධානියෙක් කොටු – වංචාකල මුදල කෝටි තුනකටත් වැඩියි

” ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ” නම කිව්වත් මේ දවස්වල ක්‍රිකට් රසිකයින්නම් ඉන්නේ ලොකු කණගාටුවකින්. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල මෙන්ම පරිපාලනය තුලද බොහෝ වංචාකරුවන්, දූෂකයන් ඉන්නවා කියලා අයි.සී.සී දූෂණ විමර්ෂණ ඒකකයේ හෙළිකිරීමත් එක්ක. ඒවගේම අල් ජසීරා මාධ්‍ය ආයතනය වීඩියෝ කිහිපයක් හරහා හෙළිකළ ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පවා දීම් ලයිස්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රීඩකයන්ගේ නම්ද සඳහන් වී තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් මුදල් වංචාවක් සම්බන්ධයෙන් එහි ප‍්‍රධාන මූල්‍ය මෙහෙයුම් කළමනාකාර පියල් දිසානායක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (22) සවස අත්අඩංගුවට අරන් තිබුණා. ඒ රුපියල් තුන්කෝටි අසූඅට ලක්‍ෂයක මූල්‍ය වංචාවකට.

ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් තරගාවලියේ රූපවාහිනි විකාශන අයිතිය ලබාදීමේදී තමයි මේ විදිහට මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවෙලා තියනවා කියලා හෙළිවෙලා තියෙන්නේ. මෙම රූපවාහිනි විකාශන අයිතිය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙත හිමිවිය යුතු මුදලින් 20% ක ප්‍රමාණයක්‌ වන තුන්කෝටි අසූලෂයක මුදල සැකකාර දිසානායක විසින් තම පෞද්ගලික බැංකු ගිණුමකට බැරකරගෙන තියනවා කියලත් විමර්ශණවලදි මේ වෙනකොට හොයාගෙන තියනවා.


News Articles
Latest Videos
Most Popular Post