News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

උපුල් තරංගගේ තැන මෙන්ඩිස්ට දීපු එක ගැන චන්දිමාල් කිව්ව කතාව

1504 Views


උපුල් තරංගගේ තැන මෙන්ඩිස්ට දීපු එක ගැන චන්දිමාල් කිව්ව කතාව

කාලෙකට පස්සේ ඊයේ දවස ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට සතුටුදායක තරග අවසානයක් ලබා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ ලකුණු 219ක දැවැන්ත ජයක් ලබා ගනිමින්.

තරඟයෙන් පස්සේ අදහස් දක්වපු කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් කිව්වේ සියලුම ගෞරව කණ්ඩයමේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩළයට හිමිවෙන්න ඕනේ කියලයි.ඒ වගේම ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම පරාජය කිරීමට ලැබීම සතුටක් බවත් චන්දිමාල් කිව්වා.
මේ මාධ්‍යය හමුවේදී සුපුරුදු රිද්මයට පැමිණි කුසල් මෙන්ඩිස් ගැන චන්දිමාල් අදහස් පලකලා.

එහිදී චන්දිමාල් කිව්වේ කුසල් මෙන්ඩිස්ව කණ්ඩායමේ රඳවා ගැනීමට ඔහුගේ පන්දු රැකීම ඉවහල් උනා කියලයි.
ඒ වගේම මාධ්‍යෙව්දියෙකු චන්දිමාල්ගෙන් ඇහුවා දිගින් දිගටම අසාර්ථක වෙච්ච්ච කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ හිමිවුණේ උපුල් තරංගේ ස්ථානය නේද..? එහෙම උනේ ඇයි කියලා.ඒකට පිළිතුරු දීපු චන්දිමාල් කිව්වේ උපුල් තරංග අත්දැකීම් බහුල වටින ක්‍රීඩකයෙකු උනත් කණඩායමක් විදිහට කුසල් මෙන්ඩිස්ව මේ මොහොතේ විශ්වාස කලා කියලයි.ඒ වගේම ඔහු තරුණ ක්‍රීඩකයෙකු විදිහට අඩුපාඩු නිවරැදි කරගැනීමට කාලය ඇති බව සහ මෙන්ඩිස්ගේ පන්දු රැකීම ඉහළ තැනක තිබෙන බවත් ශ්‍රීලංකා නායකයා චන්දිමාල් වැඩිදුරටත් කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post