බස්නාහිර පළාත් සභාව කියන්නෙ කලින් කලට පුවත් මවන තැනක්. ඉකුත් දා පුටු ගණුදෙනුවක් නිසා කතා බහට ලක් වුණු බස්නාහිර පළාත් සභාව ගැන තවත් අලුත් පුවතක් ආරංචි වුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් රුපියල් කෝටි 8 ක වියදමින් ඉදිකෙරෙන දෙමහල් නිවස සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ඉදිරි දිනකදී මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දක්වන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා.
ඉකුත්දා පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ති‍්‍ර ලක්‍ෂ්මන් නිපුණාරච්චි ද මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළා.
එවිට පළාත් ප්‍රධාන අමත්‍ය ඉසුරු දේවප්‍රිය ගොඩනැගිල්ල ඉදිකිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ වත්මන් ආණ්ඩුකාරවරයා ලෙස පිළිතුරු ලබාදුන්නා. එම ගොඩනැගිල්ලේ ෆයිල් අත්තිවාරම සඳහා රුපියල් ලක්‍ෂ 224 ක් සහ ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 885 ක් වැය වන බවයි එහිදී තවදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට එතරම් මුදලක් වැය කළයුතු නැතැයිද ප‍්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.