‘ලෝන්ලි ප්ලැනට්’ වාර්තාවේ කියවෙන විදිහට 2019 වසරේ සංචාරය කරන්න ලොව හොඳම රට විදිහට ශ්‍රී ලංකාව නම්කලා.
ලෝන්ලි ප්ලැනට්’ කියන්නෙ සංචාරක මාර්ගෝපදේශ පොත් ප්‍රකාශන ආයතනයක්. එය ලොව ජනප්‍රියතම සංචාරක මග පෙන්වීම් (Tourist Guide) ප්‍රකාශකයා ලෙස සැලකෙනවා. ලෝන්ලි ප්ලැනට් පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ විඳගත යුතු අත්දැකීම් මේ ආකාරයට පෙන්වා දී තිබෙනවා.
1. තංගල්ල අවට ඉස්තරම් වෙරළ තීරය
2. දුම්රිය ගමන් – ඇල්ල
3. උඩවලව ජාතික උද්‍යානය
4. පෞරාණික අනුරාධපුරය
5. සීගිරි පර්වතයේ ඉහළට
6. බුන්දල ජාතික උද්‍යානය
7. ශ්‍රී පාද වන්දනාව
8. මහනුවර සංස්කෘතික නගරය
9. මගහැරිය නොහැකි ගාලු කොටුව
10. අරුගම්බේ Sඋර්ෆින්ග් ක්‍රීඩාව
11. සනීප ගෙනදෙන ආයුර්වේදය විඳින්න
12. මිරිස්සේ තල්මසුන් නරඹන්න
13. නිලාවේලිහිදී නැගෙනහිර නැවුම් වෙරළ තීරය
14. ශ්‍රී ලාංකික ආහාර
15. හෝර්ටන් තැන්න සහ ලෝකාන්තය
16. හපුතලේ තේ වගාව
17. යාපනය සහ දූපත්
18. කොළඹ කෞතුකාගාරයේ යටත් විජිත යුගය
19. පොළොන්නරුවේ ආශ්චර්ය සම්පන්න ප්‍රතිමා
20. කොළඹ වෙළෙඳ සංකීර්ණ
යන අත්දැකීම් වෙනවා.
එමෙන්ම එම සඟරාව පවසන පරිදි ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු ස්ථාන මෙයාකාරයෙන් පෙන්වා දී තිබෙනවා.
1. ගල්විහාරය – පොලොන්නරුව
2. අභයගිරි දාගැබ – අනුරාධපුරය
3. වටදාගෙය – පොලොන්නරුව
4. ලෝකාන්තය – හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
5. බුදුරුවගල – වැල්ලවාය
6. මුල්කිරිගල ගල් විහාර – තංගල්ල සහ ඒ අවට
7.කන්දසාමි කෝවිල – ත්‍රිකුණාමලය
8. උඩවලවේ ජාතික උද්‍යානය – උඩවලව