කවුද මේ කස්සා කියන්නෙ ?
කස්සා කියන්නෙ කල්හාර නිරන්ජන් බණ්ඩාර ට.
ෆේස්බුක් පේජ් එකක් හදාගන්න ඕනි කියලා අයිඩියා එකක් කොහොමද ආවෙ?
එහෙම විශේෂ දෙයක් නෑ. හිතන්නෙ නැතුව නිකමට වගේ හදපු පේජ් එකක් මේක.ඒක තමයි අද මේ තත්ත්වෙට ඇවිත් තියෙන්නෙ.
පේජ් එකක් කරන ඇඩ්මින් කෙනෙක් විදිහට කල්හාර හැන්ගිලාද ඉන්නෙ?
කාලයක් නම් හැන්ගිලා හිටියේ.ඒත් දැන් නම් හැමෝම දන්නවා මම කවුද කියලා.
පේජ් එකට මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නෙ?
ප්‍රතිචාර නම් ගොඩක් හොද ඒවා තියෙනවා.මේ අවුරුද්දෙ ල0කාවෙ හොඳම පේජ් එක කියලා සම්මානයක් ගන්න පවා පුළුවන් වුණා.හැමවෙලේම හොඳ ප්‍රතිචාර තියෙනවා.
පේජ් අඩ්මින් කෙනෙක් විදිහට කල්හාර මේ වෙනකොට මොන වගේ දේවල්ද ලබාගෙන තියෙන්නෙ?
ගොඩාක් මිනිස්සු හම්බ කරගෙන තියෙනවා. සමාජෙ ඉන්න මිනිස්සුන්ව අඳුරගෙන තියෙනවා. සමාජෙ මිනිස්සුන්ට වැදගත් දෙයක් කරන්නෙ කොහොමද කියන එක ඉගෙනගෙන තියෙනවා.
කස්සා පේජ් ඇඩ්මින් මම කියලා තැන තැන කියන්න කල්හාර කැමතියි කියන්නෙ ඇත්තක්ද?
කවුරු හරි එහෙම කියලා තියෙනවද ?මම එහෙම කියන්න නම් කැමැත්තක් නෑ.නම ප්‍රසිද්ධ කරගන්න නම් මට ඊට වඩා කන්සෙප්ට් තියෙනවා. ඒ නිසා මට එහෙම කිසි අවශ්‍යතාවයක් නැහැ.
ඒත් අපිට නම් ආරන්චි වුණා කල්හාර අහන්නත් කලින් ” මම තමයි කස්සා පේජ් එකේ ඇඩ්මින් ” කියලා කියනවා කියලා.ඇත්තද ඒක?
ආ ඒ එක දවසක් අහපු දේකට උත්තරයක් දුන්නා .ඒකයි වුණේ.
කල්හාරගෙ පවුලෙ විස්තර එහෙම කොහොමද?
පවුලෙ මමයි අම්මයි තාත්තයි අක්කියි ඉන්නෙ,
කල්හාර තාම ඉගෙනගන්නවද ? එහෙම නැත්නම් ජොබ් එකක් කරනවද?
ඔව් මම තාම උසස් අධ්‍යාපනය ලබනවා.ප්‍රයිවට් කැම්පස් එකක.
ෆේස්බුක් කියන සෝෂල් මීඩියා එක ගැන මොක්ද හිතෙන්නෙ?
ෆේස්බුක් කියන්නෙ අද වෙනකොට මිනිස්සු ගොඩක් වැරදි විදිහට පාවිච්චි කරන දෙයක්. ෆේස්බුක් කියන්නෙ ලොකු වෙනසක් කරන්න ඔඋළුවන් දෙයක්.ලෝකෙම වුණත්.
ඇඩ්මින් කෙනෙක් විදිහට ෆේස්බුක් යූස් කරන අයට කල්හාර මොනවගේ දෙයක්ද කියන්නෙ?
කාටවත් කරදරයක් නොකර තමන්ගෙ වැඩ ටික හරියට කරගෙන ෆේස්බුක් යූස් කරන්න.ගන්න දේ අරගෙන කාටවත් කරදරයක් කරන්න එපා කියන දේ විතරයි කියන්න තියෙන්නෙ.
ල0කාවෙ ලොකූ පේජ් එකක අයිතිකාරයෙක් විදිහට මේ තැනට එන්න උදව් කරේ කවුද?
අනිවාර්යෙන්ම මගේ ඇඩ්මින් පනල් එක.ඒ අය මගේ සේවකයො නෙවෙයි.ඔක්කොම මගේ යාළුවො ඉන්නෙ. නම් කියන්න බැරි තරමට ගොඩක් අය උදව් කරා. පේජ් කලාවට අමතරව ගොඩක් අය ඉන්නවා මට උදව් කරපු . විශේෂයෙන්ම මහත්තයා පේජ් එකේ ඇන්ඩෘ ,එයාගෙයි මගෙයි සප් එකෙන් තමයි අපි දෙන්නම මේ තැන ඉන්නෙ.
පේජ් එක නිසා අමතක නොවෙන සිද්ධි එහෙම මොනවත් තියෙනවද?
මට පේජ් එක නිසා හම්බ වුණ සම්මානෙ තමයි අමතක නොවනම දේ. ඊට අමතරව තව සිද්ධි ගොසක් තියෙනවා.
කල්හාර කැමති කස්සා විදිහට ඉන්නද එහෙම නැත්නම් කල්හාර විදිහටම ඉන්නද?
මම කැමති කල්හාර විදිහට ඉන්න.මොක්ද කස්සා කියන්නෙ වෙනම දෙයක් මගේ.
ඒත් අපිට නම් ආරන්චි වුණෙ කල්හාර ගෙදර ෆෑන් එකෙත් කස්සා කියලා ගහගෙන ඉන්නවා කියලයි.ඇත්තද ඒ කතාව?
ඒක ඇත්තටම මම කරපු දෙයක් නෙවෙයි මගෙ යාළුවෙක් කරපු දෙයක්.වැඩකට ගහපු ඉස්ටිකර් වගයක් තිබ්බා.ඒකෙන් එකක් අරගෙන ෆෑන් එකේ ගහලා තිබුණා.
කල්හාර දිහා බලාගෙන ඉන්න යාළුවන්ට මොනවගේ දෙයක්ද කියන්න තියෙන්නෙ?
ෆේස්බුක් කියන්නෙ හැමෝම සමගියෙන් ඉන්න ඕනි තැනක් . අලුත් නිර්මාණ කරන අයට එළියට එන්න තියෙන හොඳම තැනක්. හරි විදිහට සෝෂල් මීඩියා යූස් කරන්න.හොඳ දෙයක් කරන්න පුළුවන් මීඩියා එකක් මේක.