News Line| Off Air
Generic placeholder image

Oct
25

CNN පුවත් සේවයටත් බෝම්බ එවලා

491 Views


CNN පුවත් සේවයටත් බෝම්බ එවලා

අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් බව නිව්යෝක් නගරාධිපති බිල්.ඩි. බ්ලේසියෝ පවසනවා.
එම පාර්සල් යැවුණු පුද්ගලයින් අතරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, හිටපු CIA ප්‍රධානී ජෝන් බ්‍රෙනන් වගේම හිටපු නීතිපති එරික් හෝල්ඩර් ද අයත්.

අමෙරිකානු බලධාරීන් කියන්නේ මේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් නිව්යෝක්, වොෂින්ටන් සහ ෆ්ලෝරිඩා යන ප්‍රදේශ වෙත යවා ඇති බවයි.

මෙය අමෙරිකාවේ නායකයින් සහ මාධ්‍ය නිදහස ප්‍රචණ්ඩ ක්‍රියා මගින් බියගැන්වීමේ අරමුණින් කළ ක්‍රියාවක් බව ද නිව්යෝක් නගරාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post