News Line| Off Air
Generic placeholder image

Oct
25

තරංගට ආනෝල්ඩ්ගෙනුත් වෙනස්කමක්

779 Views


තරංගට ආනෝල්ඩ්ගෙනුත් වෙනස්කමක්

පසුගිය තරග කිහිපයේම උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම ගැන සමාජජාලා වල වැඩි වැඩියෙන් කතා උනා.මේ අතර රසල් ආනල්ඩ් තමා කණ්ඩායම තෝරනවා නම් උපුල් තරංගව කණ්ඩායම තුලට ඇතුළත් කිරීමට තමාට අපහසු බව කියලා තියනවා.

බිබිසි සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් තමයි ආනල්ඩ් මේ බව සදහන් කරලා තියෙන්නේ.

කොහොම උනත් ඊට නිශ්චිත හේතුවක් ආනල්ඩ් සදහන් කරලා නෑ.ආනොල්ඩ් කියන විදිහට දසුන් ශානකට හා තිසර පෙරේරා හය සහ හත ස්ථානවල ක්‍රීඩා කිරීමෙහි සෑහෙන වැදගත්කමක් තියනවලු.

නමුත් ඔවුන් දෙදෙනාට පන්දුවර 20 සිට පන්දුවට පහරදිය නොහැකි බවත්, මුල් පිතිකරුවන් පස්දෙනා අවම වශයෙන් පන්දුවරා 35 වනතෙක් හො ්ක්‍රීඩා කළ යුතුයි කියලයි ආනල්ඩ් කියන්නේ.
එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩයමේ ස්ථානයක් ලැබිය යුතු බවත්, දිනේෂ් චන්දිමාල් තමාගේ පිතිකරණ වේගය පිළිබඳ සිතා බැලිය යුතු බවත් ආනල්ඩ් වැඩිදුරටත් කියලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post