ජාතික රුපවාහිනිය සහ ලේක් හවුස් ආයතනය තුලට මැරයින් කඩා පැන එහි සේවකයින්ට තම රාජකාරී සිදුකරගෙන යාමට ඉඩ නොදෙන තත්ත්වයක් මේ වන විට උද්ගතවී ඇති බව ජනමාධ්‍ය හා මුදල් ඇමති මංගල සමරවීර ප්‍රකාශ කර සිටියා.
” අපි මේ මොහොතේදී විශ්වාස කරනවා පොලිසිය සහ යුධ හමුදාව අවශ්‍ය පියවර ගනු ඇතැයි කියලා” ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියා.
මේ අතර ජාතික රුපවාහිනි සේවයේ විකාශන කටයුතු මේ වන විට අඩාලවී තිබෙනවා. ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ සිදුවූ දේශපාලන බල හුවමාරුවත් සමග සේවකයින් දෙපිරිසක් අතර ඇතිව තිබෙන අර්බුධකාරී තත්ත්වයක් මීට හේතු වී තිබෙනවා.