News Line| Off Air
Generic placeholder image

Oct
26

ලෙඩක් නැතුව D.I.G නාලක රෝහල් ගතකරන්න කියලා වෛද්‍යවරයා එක්ක බන්ධනාගාර නිළදාරීන් උණුසුම් වචන හුවමාරුවක

1139 Views


ලෙඩක් නැතුව D.I.G නාලක රෝහල් ගතකරන්න කියලා වෛද්‍යවරයා එක්ක බන්ධනාගාර නිළදාරීන් උණුසුම් වචන හුවමාරුවක

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණූ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මේවෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ Y.O වාට්ටුවේ රඳවා ඉන්නවා කියලා වාර්තාවෙනවා. වෙනත් රැඳවූවන් නැතිව හුදෙකලාව ඔහු රඳවා ඉන්නවා කියලා තමයි බන්ධනාගාර ආරංචි මාර්ග වලින් කියවෙන්නේ. නියමිත පටිපාටියට අනුව නාලක සිල්වා රැඳවිය යුතුව තියෙන්නේ මැගසින් බන්ධනාගාරයේ උනත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සලකා ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිමට බන්ධනාගාර නිලධාරීන් තීරණය කරලා තිබෙනවා.

මේ අතර නාලක සිල්වා ඊයේ රාති‍්‍රයේ බන්ධනාගාරය වෙත රැගෙන එන්නටත් පෙර ඔහු පරික්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු ගිලන් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ සිටි බවට වාර්තා උනා. කොහොම උනත් නාලක සිල්වාට කිසිඳු විශේෂ අසනීප තත්ත්වයක් ඇතැයි පරික්ෂා කිරීම්වලදී අනාවරණවෙලා නැහැ. එහෙම තියෙද්දිත් නාලක සිල්වාව බන්ධනාගාර රෝහල වෙත යවන විදිහට වෛද්‍යවරයා නිර්දේශ කරලා. මේ නිර්දේශයත් එක්ක බන්ධනාගාර නිලධාරින් සහ වෛද්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවකුත් ගිහින් තියනවා කියලා ආරංචි උනා.


News Articles
Latest Videos
Most Popular Post