News Line| Off Air
Generic placeholder image

Oct
28

යහපාලන ආණ්ඩුවේ ජනපතිට වැඩ කරන්න දුන්නේ නැත්තේ කවුද…? ජනපති අද ජාතිය අමතා කියන්න ලෑස්තියිලු..

376 Views


යහපාලන ආණ්ඩුවේ ජනපතිට වැඩ කරන්න දුන්නේ නැත්තේ කවුද…? ජනපති අද ජාතිය අමතා කියන්න ලෑස්තියිලු..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පිහිට වූ අන්තර්කාලීන ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 26 රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුම් දුන් අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවාය.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද ධුරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර ඇති අතර ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේය.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර ඇති අතර  පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස16 වැනිදා නැවත රැස්වීමට නියමිතයි.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබුවාය.

මේ අතර පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා  කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කතානායකවරයා නිවේදනය කළේ පැන නැගී ඇති තත්ත්වයට අදාළව අපක්ෂපාතීව සහ නීතියට අනුව කටයුතු කරන බවයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 106 ක් හිමිව ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 95ක් හිමි වි ඇත.

අග්‍රාමාත්‍යවරයා පත්කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය යුතු අතර එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 113 දෙනෙකුගෙන් යුත් බහුතර බලය මෙවර පාර්ලිමේන්තුවේදී හිමිවූයේ නැත.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයට මන්ත්‍රී ධුර 16ක් ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 06ක් ද හිමිව ඇති අතර ඊ පී ඩී පී පක්ෂයට හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිව තිබේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අතුරලියේ රතන හිමියන්, ආනන්ද අලුත්ගමගේ හා වසන්ත සේනානායක යන මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය පළ කිරීමට තීරණය කර ඇති අතර ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශ්වයකට සහයෝගය ලබානොදෙන බවට මේ වනවිටත් ප්‍රකාශ කර ඇත.

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

කලින් පැවැති 47 දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමෙන් පසු අහෝසි වී වන අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වේ.

කැබිනට් මණ්ඩලය පත්කිරීම සඳහා වන සාකච්ඡා අද පෙරවරුවේ සිටම මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත් විය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද මාධ්‍ය හමුවකට ද එක් විය.


News Articles
Latest Videos
Most Popular Post