News Line| Off Air
Generic placeholder image

Oct
28

රනිල් චීන තනාපති එක්ක පැයකට වඩා සාකච්ඡා කරලා

511 Views


රනිල් චීන තනාපති එක්ක පැයකට වඩා සාකච්ඡා කරලා

ශී‍්‍ර ලංකාවේ චීන තානාපති චෙන් ෂුවෑන් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැහී තිබෙනවා. එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම හමුව සිදුවුණේ නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුවයි.

ඉන් අනතුරුවයි චීන තානාපතිවරයා ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් ඊයේ (27) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයට ගොස් හිටපු අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇත්තේ. පැයකට ආසන්න කාලයක් එම හමුව සිදුව ඇති බවටද වාර්තා පළ වනවා.


News Articles
Latest Videos
Most Popular Post