තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි.
හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ට මීට පෙරද ආරක්ෂාව ලබා දුන්නද තමාගේ ඉල්ලීමට මේ වනතුරුත් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඔහු පවසන්නේ.
පසුගිය 25 වනදායින් උතුර පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද යාපනයේ පිහිටි සිය නිල නිවසින් නික්ම ගොස් ඇති බවටයි වාර්තාවන්නේ.