News Line| Off Air
Generic placeholder image

Oct
29

කථානායකවරයා නුවරට

567 Views


කථානායකවරයා නුවරට

කථානායක කරු ජයසුරිය  මහතා  අද (2018.10.29)  දින පෙරවරුවේ  මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය.

මෙහි දී , කථානායකවරයා මහා නා හිමිවරුන් හමුවේ  පැවසූවේ රටේ උද්ගත වී  ඇති  දේශාපාලන අවුල් සහගත  තත්වය වඩාත් යහපත් ලෙස විසදා ගැනීමට මෙම  අවස්ථාවේ දී මහා නා හිමිවරුන්ගේ මග පෙන්වීම ඉතා වැදගත් බවයි.

ඉතිහාසයේ සෑම විටකම  මෙවැනි අවස්ථාවලදී මහා සංඝරත්නය  පෙරට  පැමිණ නිවැරදි මග පෙන්වා ඇති බව  පෙන්වා දුන්  කථානායකවරයා  සඳහන් කලේ පැන නැගී  ඇති තත්වය  වීථී සටන් තුලින්  විසදා ගැනීම  නොව වඩාත් ශිෂ්ඨ සම්පන්න ක්‍රමය  වනුයේ ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව  තුලින් විසාදා ගැනීම බවයි.

මෙම අවස්ථාවේදී  කවර හෝ පාර්ශවයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනි සිටිමේ අවශ්‍යතාවයක්  තමාට නොමැති බැවින්, රටෙත්, ජනතාවගෙත් යහපත  වෙනුවෙන් සාම කාමීව විසදා ගැනීමට උත්තරීතර පාර්ලිමේන්තුව  වෙනුවෙන් උපරිමයෙන් සහායවීම තම  අරමුණ බවත්ය.

මේ වන විටත් වාර්තා වී  ඇති පුද්ගල ඝාතන දෙකක් ඇතුළු නොසන්සුන්කාරී සිදුවීම් ද  ලෝකයේ විවිධ රටවල් වලින්    සිය රටවල  පුරවැසියන්ට ශ්‍රි ලංකාවේ සංචාරය  පිළිබඳ නිකුත් කර ඇති අනතුරු ඇවීමේ  නිවේදන ද රාජතාන්ත්‍රික වශයෙන් සහ ආර්ථික වශයෙන් රට තුල දැවැන්ත පසුබෑමක් ඇති කිරීමට ඉඩ ඇති බැවින්, අද්දැකීම් ලත් පරිනත නායකයන් ලෙස  පාර්ලිමේන්තුව කඩිනමින් කැදවා බහුතර මතයට  හිස නමමින් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ වගකීම සියළු පාර්ශවයන්ට සිහිපත් කරන ලෙසද කථානායකවරයා මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය. 

 එමෙන්ම විපක්ෂ නායක සම්බන්දන් මහත්මා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විශේෂ ලිපියක් කථානායක වරයාට යොමුකරමින් එලඹෙන 16 වනදාට පෙර පාර්ලිමේන්තුව රැස්කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post