අද උදෑසන තිස්සමහාරාමයේදී පැවැත් වූ වප් මගුල් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.
මේ අතර කැබිනට් මණ්ඩලය අද දිනයේ පත් කරන බවට ලද තොරතුරුත් සමග සැවොම බලා සිටින්නේ එම තනතුර කා අතර බෙදී යයිද යන්නයි.
එයට පිළිතුරු සපයමින් ජනපතිතුමා සඳහන් කලේ කෘෂිකර්ම ඇමතිතුමා ලෙස මහින්ද අමරවීර මහතා ඉදිරියටත් කටයුතු කරන බවයි.
මෙහිදී ජනපතිතුමා වෙල්යායට බැස සීසෑමේ කටයුතු සඳහා සහභාගී වීමද විශේෂත්වයක් වුණා.