අග්‍රමාත්‍ය ධූරයතුළ නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කා හටද යන්න තමා විසින් අමතා නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමු කර ඇති නිවේදනයක් තමා විසින් අනාවරණැය නොකෙරුණු බවට දක්වමින් කථානායක මාධ්‍ය අංශය පවසනවා.
මේ එම නිල නිවේදනය සඳහන් කර මාධ්‍ය වෙත එවූ ප්‍රකාශයයි.
අග්‍රාමාත්‍ය ධූරයේ නිත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය හිමි වන්නේ කා හටද යන්න පිළිබඳව ගරු කථානායකතුමන් අමතා නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමු කර ඇති බවත්, එම පැහැදිලි කිරීම ගරු කථානායකතුමන් විසින් අනාවරණය නොකරන බවටත්, 2018.10.29 වන දින ඇතැම් පාර්ශ්වයන් විසින් කර ඇති ප්‍රකාශයන් කෙරෙහි අපගේ අවධානය යොමුව ඇත. එම ප්‍රකාශයන් සහ ඒ ඇසුරින් පලවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවත්, එවැනි කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් මේ වන තෙක් ගරු කථානායකතුමන් වෙත ලැබී නොමැති බවත් වගකීමෙන් යුතුව සඳහන් කරමු.