News Line| Off Air
Generic placeholder image

Oct
31

මේ ජනාධිපති තමයි වැඩියෙන්ම පව් කරලා ඇත්තේ | චින්තන ධර්මදාස , සන්නස්ගල සහ කළණගේ සංවාදය

1799 Views


මේ ජනාධිපති තමයි වැඩියෙන්ම පව් කරලා ඇත්තේ | චින්තන ධර්මදාස , සන්නස්ගල සහ කළණගේ සංවාදය

පසුගිය දවස්වල ලංකාවේ සිද්ද වෙච්ච බල පෙරළියත් එක්ක මුහුණු පොතේ හරි අපූරු සටහන් බොහෝමයක් දකින්න ලැබුනා. ඒ අතරින් චිත්‍රපට අධ්‍යක්ෂක චින්තන ධර්මදාස මුහුණු පොතේ පලකර තිබුණු සටහනයි මේ. මේ සංවාදයට ඔහු සන්නස්ගල සහ කළණ ගුණසේකරවද සම්බන්ධ කරගෙන තිබුණා.

සන්නයි මායි කළනයි කතා කර කර ඉඳිද්දි එතන හිටපු යාලූවෙක් මෙහෙම කතාවක් කිව්වා. ඒක පිං පව් ගැන කතාවක්.

මොනා වුනත් ජනාදිපති කෙනෙක් වෙන්න කොච්චර පිං කරන්න ඕනද?

කළනයා ටිකක් කල්පනා කළා. 
ඒත් ඇත්තටම මේ ජනාදිපති තමයි වැඩියෙන්ම පව් කරලා ඇත්තෙ..
ඌ කිව්වා.

දැන් බලපං මේ පාර මහින්දයා අගමැති කරපු ගමන් රටෙන් හැටදෙලක්ෂෙකටම ඌව පිළිකුල් වුනා.

එච්චරද ?
සන්නා මතක් කළා.
කලින් මහින්දගෙන් අයින් වුනාම ඔය මහින්දට කැමති ඉතුරු සෙට් එකටමත් ඌව පිලිකුල් වුනා.
රටටත් පිළිකුල්. ගමටත් පිළිකුල්. අනිවාර්යෙන්ම පවුලටත් මිනිහව පිළිකුල් ඇති.
මං නං හිතන්නෙ මිනිහටමත් මේ වෙද්දි මිනිහව පිළිකුල්.

මේ තරමට හැමෝටම පිළිකුල් වුනු කිසිම මිනිහෙක් මේ රටේ ඉඳලා නැතුව ඇති. ඒ තරම් පිළිකුල් වෙන්න කොයිතරං පව් කරන්න ඕනද?

ඇත්තටම මිනිහා පව්.


News Articles
Latest Videos
Most Popular Post