News Line| Off Air
Generic placeholder image

Nov
1

කළණගෙන් සහ ශාන්ත තෝමස් විදුහලෙන් අරුම පුදුම ක්‍රිකට් ලෝක වාර්තාවක්

942 Views


කළණගෙන් සහ ශාන්ත තෝමස් විදුහලෙන් අරුම පුදුම ක්‍රිකට් ලෝක වාර්තාවක්

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ(31දා) සමත් වුණා. මීට අමතරව ශාන්ත තෝමස් විදුහලද කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට (ලකුණු 06කට) දවාලමින් තවත් ලෝක වාර්තාවක් පිහිට වූවා.

ඒ කෑගල්ල ශාන්ත මරියා විදුහලට එරෙහිව එක් ලකුණකට කඩුලු 08ක් බිඳ හෙළමිනුයි. සිංගර් අන්තර්පාසල් 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයකදී ඔහු විසින් දැක්වූ මෙම දක්ෂතාව ලෝකයේ පාසල් තරගයකදී ඕනෑම පන්දු යවන්නෙකු දැක්වූ හොඳම දක්ෂතාවද වෙනවා. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන කළණගේ පන්දු යැවීම හේතුවෙන් ශාන්ත මරියා විදුහලේ දෙවැනි ඉනිම ලකුණු 06 කට සීමා වීම කැපී පෙනුණා. මේ හේතුවෙන් ශාන්ත මරියා පරදා ඉනිමකින් හා ලකුණු 233කින් ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමත්විය.

මෙහිදී ශාන්ත මරියා විදුහලේ ලකුණු 04ක්ම අතිරේක ලකුණු වීම විශේෂත්වයකි. එහිදී කණ්ඩායමේ ක්‍රීඩකයන් දස දෙනෙකුම ලකුණු නොලබා දැවී ගිය අතර, එක් ක්‍රීඩකයෙකු පමණක් ලකුණු 2 ක් රැස් කළේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් ක්‍රීඩකයන් කඩුලු 08ක් දැවී ලකුණු 311ක් රැස් කරද්දී ඊට පිළිතුරු ලෙසින් ශාන්ත මරියා විදුහල සිය පළමු ඉනිමට රැස් කළේ සියල්ලන් දැවී ලකුණු 72ක් පමණි.


News Articles
Latest Videos
Most Popular Post