News Line| Off Air
Generic placeholder image

Nov
1

නව අගමැතිකම මහින්දට දෙන්න කථානායකයවරයාගේ එකගත්වය

777 Views


නව අගමැතිකම මහින්දට දෙන්න කථානායකයවරයාගේ එකගත්වය

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ සියලු වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායක කරූ ජයසූරිය එකඟ වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර පැවති සාකච්ජාවේදී මෙම එකඟතාවයට පැමිණි බවයි මාධ්‍යට දහස් දක්වමින් ඔහු කියා සිටියා.

මෙම හමුවේදී ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පහසුකම් සැළසීමට කටයුතු කරන ලෙසටයි.

නමුත් මෙය තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post