News Line| Off Air
Generic placeholder image

Nov
1

ප්‍රදේශ කීපයකට මීටර් 100 ඉකමවූ වැසි.

430 Views


ප්‍රදේශ කීපයකට මීටර් 100 ඉකමවූ වැසි.

දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පැවතීම මීට හේතුව බවයි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි වනවා

සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි ඇති ඇති විය හැකියි

දිවයිනට උතුරු, වයඹ සහ ගිණිකොණ දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල කි‍්‍රයාකාරී වළාකුලූ පද්ධති වර්ධනය වී තිබෙනවා

මෙම වළාකුලූ පද්ධති ඉදිරි පැය කිහිපය තුළදී ද සකි‍්‍රයව පවතිනු ඇති

ඒ හේතුවෙන් මඩකලපුව සිට ති‍්‍රකුණාමලය කන්කසන්තුරය සහ පුත්තලම හරහා කොළඹ දක්වා මුහුදු ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි

එම අවස්ථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර 80 ක් දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප‍්‍රදේශ රලූ වීමේ වැඩි හැකියාවක් පවතිනවා

ධීවර හා නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post