අද දවස ඔබට කොහොමද..?
738 Views
අද 2018 ,නොවැම්බර් මස 02 වනදා
රාහු කාලය දිවා කාලය උදෑසන 10.25 සිට 11.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.23 සිට 11.54 දක්වා
සුභ දිශාව උතුර
මරු සිටින දිශාව ගිනිකොණ
මේෂ ලග්නය
අද දවස ඔබට සුබයි . රැකියා කටයුතු වලදී ජවය ශක්තිය පෙන්නුම් කරන දවසක්. ඒ අතරේ රැකියා කටයුතු වල යම් වෙනසක් දැකිය හැකිය. සමාජ සේවා කටයුතු වලට සුබ දිනයකි. නිවාස සැලසුම්කරණයට සුදුසු දිනයක්. යම් යම් සෞඛ්‍ය පීඩා ඇතිවෙනවා.
ජය වර්ණය දීප්තිමත් රතු පැහැය ජය අංකය 09
වෘෂභ ලග්නය
අද ඔබට පින් සිතුවිලි වර්ධනය වෙන දිනයක්. ආගමානුකුල කටයුතු කෙරෙහි හිත යොමු වෙන දිනයක්. ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන දිනයක්. ඉවසිලිවන්තව කටයුතු කරන්න. අද දිනයේ කටයුතු සාර්ථක කරගන්න ඉතාම වාසනාවන්ත දිනයක්.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 03
මිථුන ලග්නය
අද දිනයේ ඔබ ගන්න තීරණ වල පුංචි වැරදීම් ඇතිවිය හැක. තමන්ගේ තනි තීරණයට වැඩ කරන දිනයක්. වියදම් කිරීමේදී කල්පනාකාරී වෙන්න. අද දිනය සාර්ථක කරගන්න ඔබට තරමක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 06
කටක ලග්නය
හවුල් ව්‍යාපාර කටයුතු, ප්‍රේම සම්බන්ධතා, විවාහ සම්බන්ධතා ශක්තිමත් කරගන්න ඉතාම යහපත් දවසක්. ප්‍රශ්න විසඳා ගැනීමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. විටින් විට අදහස් වෙනස් කරන ස්වභාවයක් පෙන්නුම් කරන නිසා ඒ පිළිබඳව තරමක් සැලකිලිමත් වන්න.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 07
සිංහ ලග්නය
සියුම් සිතුවිලි වර්ධනය වෙනවා. අලුත් අදහස් පහල වෙනවා. නිතර නිතර අදහස් වෙනස් කරන්න බලන දිනයක්. ඒ වගේම කොච්චර බාධක කම්කටොළු ආවත් ඔබ සිනාමුසු මුහුණින් කටයුතු කරන්නට යෙදෙන දවසක්. ආමාශගත රෝගී තත්ත්ව තාක්ෂණික කටයුතු නිසා ඇති වෙන පීඩාකාරී තත්ත්ව ඔබේ දෛනික කටයුතු වලට යම් යම් බාධා ඇති කරනවා. ඔබ ගන්න ආහාර පිළිබඳව භාවිතා කරන තාක්ෂණික මෙවලම් පිළිබඳව සැලකිලිමත් වන්න.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 01
කන්‍යා ලග්නය
පෙර පිනෙන් ඥානය ඉස්මතු කරගන්න ලැබෙන දිනයක්. ගන්න තීරණ බොහොම පහසුවෙන් සාර්ථක කරගන්න අද ඔබට වාසනාව තිබෙනවා. ආමාශගත රෝගී තත්වයකින් පීඩා වින්දානම් අද දිනයේදී ඔබට නිරෝගී සුවය ලැබෙනවා. විටෙක කේන්ති ස්වභාවයක් හටගන්නවා. නමුත් එය ඉක්මනින්ම පහව ගොස් නැවත විනෝදයෙන් කල් ගත කරනව. වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 07
තුලා ලග්නය
අද දිනයේදී ඔබට කම්මැලි ස්වාභාවයක් ගෙන දෙන දිනයක්. නමුත් කරන කියා කටයුතු වලදී අන් ය පිළිබඳව යම් තාක් සැලකිලිමත් වන්න. ඒ වගේම අත්‍යවශ්‍ය කටයුතු තාක්ෂන මෙවලම් යොදාගෙන කරන කටයුතු සන්නිවේදන කටයුතු ඉතා පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. වචන භාවිත කිරීමේදී අන් අයගේ හිත දිනාගන්න පුළුවන් දිනයක්.
ජය වර්ණය දීප්තිමත් කහ පැහැය ජය අංකය 06
වෘශ්චික ලග්නය
රැකි රක්ෂා කටයුතු වල යම් බාධා තිබුනානම් අද දිනයේදී ඒවා දුරු කරගන්න අවස්ථාව අද ඔබට ලැබෙනවා. නෑදෑයින් සමඟ සියුම් මත ගැටුම් ඇති වෙන දිනයක්. අද දිනයේදී ඉවසිමෙන් කටයුතු කරන්න
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 09
ධනු ලග්නය
අද දිනයේදී ඔබ යම් තාක් ඉවසිලිවන්තව කටයුතු කරන්න. අවස්ථානුකුලව තීන්දු තීරණ ගන්න. වචන භාවිත කිරීමේදී තියුණු ස්වභාවයක් පෙන්නුම් කරනවා. සැමවිටම ජවයෙන්,ඉවසිලිවන්තව, අන් අය සමඟින්ද කටයුතු කරන්න.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 09
මකර ලග්නය
පහු ගිය දවස්වල තිබුන තද පීඩාකාරී තත්ත්ව යටපත් කරගෙන තීන්දු තීරණ ගන්න විට යම් නම්‍යශීලි ස්වභාවයක් පෙන්නුම් කරනවා. කෙසේ හෝ ඔබ ගන්න තීන්දු තීරණ අවසානයේ සාර්ථක වෙනවා. කායික මානසික සුවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. යම් කේන්ති ස්වාභාවයක්ද පෙන්නුම් කරනවා. මේ නිසා අද දිනයේදී කටයුතු කිරීමේදී මේ කාරණා පිළිබඳව සැලකිලිමත් වන්න.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 09
කුම්භ ලග්නය
ස්වභාවික ශක්තියට වඩා සැඟවුණු ශක්තිය වර්ධනය වන දිනයක්. අසනීප තත්ත්ව වලින් පීඩා විඳින අයට ඔබ උදව් කරන්න උනන්දු වෙනවා. ලැබීම අතින් ඉතා යහපත්. නමුත් අනවශ්‍ය වියදම් ඉහල යෑමේ ස්වාභාවයක්ද පෙන්නුම් කරන දිනයක්. ඉවසලිවන්තවද කටයුතු කරන්න.
ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය 06
මීන ලග්නය
අද දිනය ඔබ යහපත් දිනයක්. නමුත් ආගමානුකුල කටයුතු වලදී තරමක් මහන්සි වන්න. රැකියා කටයුතු වලදී යම් දියුණුවක් අපේක්ෂා කරානම් අද දිනයේදී එය ඉටු කරගත හැකි දිනයක්. ජිවිතේ ගන්න තීන්දු තීරණ වලදී යම්තාක් සැලකිලිමත් වන්න. සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 05
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන 0766765353