News Line| Off Air
Generic placeholder image

Nov
3

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත් ක්‍රීඩකයින්ගේ පුදුම හිතෙන අලුත්ම තීරණය

721 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත් ක්‍රීඩකයින්ගේ පුදුම හිතෙන අලුත්ම තීරණය

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම්ගත කී‍්‍රඩකයින් වසරකට වරක් වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීමට ස්වේච්ඡාවෙන් සිය කැමැත්ත පළ කර තිබෙනවා.

කි‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා එ් පිළිබඳව කරුණු දක්වනු ලැබුවා.

එහිදී “ක්‍රීඩකයන්ගේ මෙම ඉදිරිපත්වීම ගැන සහ ඔවුන්ගේ විවෘතභාවය ගැන මම ඇමතිවරයා ලෙස ආඩම්බර වෙනවා. ක්‍රීඩකයින්ට වගේම ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ටත් වසරකට වරක් වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීමේ නීති රාමුවක් ඉදිරිපත් කළා නම් අනාගතයේ ක්‍රීඩාවට සුබදායි වෙයි කියලා හිතනවා.” යනුවෙන් ඔහු සඳහන් කළා.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් සිදු කරන තරග පාවාදීම් පිළිබද පරීක්ෂණ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කරනු ලැබුවා.

ඒ අනුව පෙන්වා දුන්නේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පරීක්ෂණ සිදු කරන කිසිඳු පුද්ගලයෙකුගේ නම් ඔහු චූදිතයෙක් වනතෙක් හෙළි නොකිරීමට කටයුතු සිදු කරන බවයි. නමුත් අවාසනාවකට අපේ ඇතැම් මාධ්‍ය නොයෙක් අයගේ නම් සඳහන් කර ඇති බවද පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post