News Line| Off Air
Generic placeholder image

Nov
4

අමාත්‍යධූර ලබාගත් අට දෙනෙකු නැවත එජාපයට…?

12123 Views


අමාත්‍යධූර ලබාගත් අට දෙනෙකු නැවත එජාපයට…?

අමාත්‍යධූර ලබා ගෙන ඇති පිරිසෙන් 08දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක් වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණඩාර පවසනවා. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක එය තහවුරු වී ඇති බවයි මන්තී‍්‍රවරයා පවසා සිටියේ.

එහිදී “බොහෝ දෙනෙක් දිවුරුම් දුන්නේ මේ අයගෙන් බේරෙන්න බැරි නිසා. ඡන්දය දවසට ඒ අය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියි.” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ජාත්‍යන්තරයෙන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ද රංජිත් මද්දුමබණ්ඩාර මන්ති‍්‍රවරයාගෙන් මෙහිදී විමසා සිටියා.

එහිදී ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන යෑමට අවශ්‍ය සම්මුතියන් ඇති බවත් සිය පක්ෂය ඒවාට අනුකූලව කටයුතු කරන බවත් ප්‍රකාශ කළා.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ද පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ජනාධිපතිවරයාට අවධාරණය කර සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිතුත් කරමින් ප‍්‍රකාශ කළා. ජාත්‍යන්තරය කරන මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් හිටපු කතානායකවරයෙකු වන වි. ජ. මු. ලොකුබණ්ඩාර පළ කළේ මෙවන් අදහසක්.

“අපිට තියෙන්නේ අපට ස්වාධීනබවක් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක නිසා සුද්දගේ බ්‍රිටිෂ් පාර්ලිමේන්තුවට පිංසේන්ඩු වෙන්න යන්න අවශ්‍ය නැහැ. ”

මැතිවරණ කල් දැමූ සමයේ ජාත්‍යන්තරයට එය නොපෙණුනු බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post