News Line| Off Air
Generic placeholder image

Nov
6

අද දවසේ ලග්න පලාඵල මෙන්න

1493 Views


අද දවසේ ලග්න පලාඵල මෙන්න

අද 2018 මස නොවැම්බර් 6 වනදා  
රාහු කාලය දිවා කාලය සවස 2.52  සිට සවස 4.20 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 2.56 සිට අලුයම 4.28 දක්වා 
සුභ දිශාව  දකුණ    
මරු සිටින දිශාව උතුර 
මේෂ ලග්නය 
අද දවස ඔබට වාසනාවන්ත දිනයක්  . බාගෙට අවසන් කර තිබු වැඩ කටයුතු අද දිනයේ ඔබට සාර්ථකව අවසන් කළ හැකිය. එයින් ලාබය සතුට චිත්ත ප්‍රීතිය ඇති වෙන දිනයක්. විවාහ වීමට සිටින අයට අද දිනයේ ඔබට පළමු අඩිතාලම දැමිය හැක. එමෙන්ම විවාහ වී සිටින අයටද ප්‍රශ්න තිබුණානම් ඒවාද විසදෙන දිනයක්.
ජය වර්ණ ලා රෝස පැහැය සහ ලා රතු                                                    ජය අංකය 07
වෘෂභ ලග්නය 
සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයක්. උදෑසනම ශාරීරික ව්‍යායාම් වල යෙදෙන්න. ආගමනුකුලව වැඩ ආරම්භ කරන්න. සෙම කොලෙස්ටරෝල් වැනි රෝග වලින් ප්‍රවේසම් වන්න. දුර දිග බලා කටයුතු කරන්න. සොර සතුරන්ගෙන් චෝදනා අපවාද එන දවසක්. නමුත් ඔබ සැලෙන්න එපා.
ජය වර්ණ ල තැඹිලි පැහැය  , සුදු පැහැය                                                ජය අංකය 06
මිථුන ලග්නය 
අද ඔබට තැනේ හැටියට හැසිරිලා අන් අයගෙන් ප්‍රශංසා ලැබෙන දිනයක්. ප්‍රමාද වුණ වැඩ නැවත පටන් ගන්න. එය ඔබට ඉතා සාර්ථක කරගත හැක. උසස් අධ්‍යාපන කටයුතු වලටද සුබයි.ඔබ කලා කටයුතු වලට දක්ෂ නිසා එමඟින් සාර්ථකත්වය ලබා ගත හැක. පීඩා වින්ද දුක් කරදර වලින් සැහැල්ලු විය හැකි දිනයක්.
ජය වර්ණ ලා කොළ ,තද කොළ  පැහැය                                                    ජය අංකය 05
කටක ලග්නය
මව් සෙනෙහස පිය සෙනෙහස නොඅඩුව ලැබෙන දිනයක්. ඒ නිසා ඒ අය සමඟ කටයුතු කරන්න. ගේ දොර කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දිනයක්. නිවසේ සතුට සෞභාග්‍ය ඉතිරෙන දිනයක්. ඔබ පසුතවෙල්ලෙන් හිටියනම් අද ඔබට චිත්ත ප්‍රීතිය ඇතිවෙන දිනයක්.
ජය වර්ණය ඇත් දල වර්ණය, දීප්තිමත් සුදු  පැහැය                                                           ජය අංකය 04
සිංහ ලග්නය 
හිතේ ශක්තියෙන් වැඩ කටයුතු කළහැකි දවසක් ලෙස අද දවස පෙන්නුම් කරනවා ඒ වගේම නිර්භයව, අන් අය පාලනය කළ හැකි, නීතිමය කටයුතු වලදී ඉතාම නිර්භයව මුණ දෙන්න පුළුවන් දිනයක්.  නොපැකිලව සත්‍ය ප්‍රකාශ කරන දවසක්. අද දිනයේ ඔබ නායකත්වය දෙන පිරිස ඔබට හැකි පමණින් උදව් දෙන දිනයක්. නෑදෑ පිරිස් උදව් දෙන දිනයක්.
ජය වර්ණය රන්වන් පැහැය, තද දම් පැහැය                                        ජය අංකය 03
කන්‍යා ලග්නය 
කටහඩ යොදා රාජකාරි කරන කෙනෙක්නම් ඔබ අද ඉතා ජනප්‍රියත්වයට පත් වන දිනයක්.  බොහෝ සංකීර්ණ විෂයන් කරන අයට ඒවා සරලව පහද දීමේ හැකියාව අද ඔබට හිමිවෙනවා. ඒ  වෙළදාම් කරන යට, ජ්‍යෝතිෂ කටයුතු කරන අයට ඉතාම සුබයි. අන් අය තේරුම්  ගැනීමේ ශක්තියක් අද ඔබට හිමි වෙනවා.
ජය වර්ණය ලා කොළ  පැහැය                                       ජය අංකය 02
තුලා ලග්නය 
ඔබ මෙතෙක් නොගිය තැන්වල යන්න, මෙතෙක් රස විඳලා නැති ආහාරද රස විදීමේ භාග්‍ය අද ඔබට හිමිවෙනවා. ඔබ ප්‍රශ්න වලදී සමබරව කටයුතු කිරීමේ හැකියාව වැඩි දියුණු වෙන දිනයක්. අන් අය අතරේ ඇති ප්‍රශන විසදීමේ හැකියාව අද ඔබට හිමි වෙනවා. එයින් ඔබට පාර්ශව දෙකක් සමබර කිරීමේ හැකියාව හිමි වෙනවා. අතපසු වුන වැඩ අවසන් කරලා සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට අද දිනයේදී ඔබ පත් වෙනවා.
ජය වර්ණය ලා තැඹිලි ලා දම්  පැහැය                                      ජය අංකය 01
වෘශ්චික ලග්නය 
අද ඔබ කෝපයෙන් ක්‍රෝධයෙන් කටයුතු නොකළ යුතු දිනයක්. ඉකමන් වීම නොකළ යුතුයි. යහපත් සිතුවිලි, සම්ම සතිය ප්‍රගුණ කල යුතු දිනයක්. එසේ නොවුනොත් ඔබට දෝෂාරෝපණ ඇතිවිය හැකියි. සමාජය ඉදිරියේ පසු තැවිලි වීමට සිදු වේවි. නමුත් ඔබ උදෑසනම නැගිටලා ශාරීරික කටයුතු වල යෙදිලා හොඳින් ස්නාන කොට අගමානුකුලව දවස ආරම්භ කරන්න
ජය වර්ණය ලා රතු සහ රතු පැහැය                                             ජය අංකය 03
ධනු ලග්නය 
අද දිනය ඔබට වාසනාවන්ත දිනයක්. කල්පනාවෙන් කටයුතු කරන්න. ආගමනුකුලව වැඩ කටයුතු ආරම්භ කරන්න. සතුන්ට කන්න බොන්න දෙන්න. අද දිනය ශක්තිමත් වේවි.
ජය වර්ණය ගුරු  පැහැය, රතු මිශ්‍ර කහ පාට                                                   ජය අංකය 02
මකර ලග්නය 
අලුත් වැඩක්  ආරම්භ කරන්න අන් අයගේ උපකාර ලබන්න හොඳ දවසක් . ඔබේ පරිපාලන හැකියාව නම් ඉහල මට්ටමක පවතින දිනයකි. අදහස් යටපත් කරගන්නා දිනයක් විය හැකිය. නිසි සැලසුම් සහිතව  වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම ඔබට වඩාත් යහපත්.  නිර්භයව කටයුතු කරන දිනයක්
ජය වර්ණය ලා නිල්   පැහැය, ළා දම්                                  ජය අංකය 01
කුම්භ ලග්නය 
විදේශගත විමට සිටින ඔබට ඉතා වාසනාවන්ත දිනයක්.  උසස් අධ්‍යාපන කරන අයට මව් භාෂාවට අමතර ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගැනීමේ භාග්‍ය ඔබට හිමි වෙනවා.
ජය වර්ණය නිල් පැහැය , ලා නිල පැහැය                                           ජය අංකය 09
මීන ලග්නය 
ඔබ අද ආගමානුකුලව කටයුතු කරොත් දෝෂ මග හරවා ගත හැකිය. රාත්‍රී ගමන් බිමන්, ගංගා ඇල  දොළ වලින් ස්නානය කිරිම, තෙත කොණ්ඩය පිටින් නිදාගැනීම නොකළ යුතුයි. සුරතල් සතුන් සුරතල්  කිරීමේදී ප්‍රවේසම් විය යුතුයි. මත්පැන් පානයෙන් තොර විය යුතුයි. විනය පාලනය කරගන්න
ජය වර්ණය ගුරු පැහැය                                                ජය අංකය 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන                      0115010829


News Articles
Latest Videos
Most Popular Post