දූරියන් පලතුරු තොගයක් හේතුවෙන් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් යළි ගොඩ බැස්වීමට සිදුවූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා.ඒ, ගුවන් යානය පුරා දූරියන් සුවඳ පැතිරී ඇති බවට එහි සිටි මගීන් පැමිණිලි කිරීම හේතුවෙන්.ජාකර්තා සිට බෙංකුලු දක්වා පියාසර කරමින් තිබූ එම ගුවන් යානයේ භාණ්ඩ රඳවනය තුළ ලොව සුවඳින් වැඩි ම පලතුර ලෙස සැලකෙන දූරියන් ටොන් දෙකක් පමණ තිබිලා තියනවා.දූරියන් තොගය ඉවත් කරන ලෙසට ගුවන් යානයේ සිටි මගීන් ඉල්ලා ඇති අතර ඒ අතරතුර කෝපයට පත් මගීන් කාර්ය මණ්ඩලයට පහර දීමට පවා පෙළඹී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ තත්ත්වය හමුවේ අවසානයේ එම දූරියන් තොගය ගුවන් යානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.