News Line| Off Air
Generic placeholder image

Nov
8

පොලිසියෙන් තෑගි ලැබුණු හැටන් සිසුවියන් දෙදෙනා

445 Views


පොලිසියෙන් තෑගි ලැබුණු හැටන් සිසුවියන් දෙදෙනා

කාණුවක වැටි තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙදෙනෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාර දෙන ලෙස ඉල්ලා හැටන් පොලිසියට ඊයේ (07) භාර දුන් බව හැටන් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක එ.එල්.එම්.ජෙමිල් පැවසුවා.හැටන් ශාන්ත ගේබ්රියල් බාලිකා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන මොහාමඩ් නවුෂාඩ් හම්නා සහ එ.එස් පවිත්‍රා යන සිසුවියන් දෙදෙනා ඊයේ දින පාසල නිම වි නිවස කරා යමින් සිටියදි පාසල අසල කාණුවක වැටි තිබු මුදල් පසුම්බියක් අහුලාගෙන එය පරික්ෂා කිරිමේදි එය තුළ මුදලින් රුපයල් 9000ක් සහ රු 15000ක් පමණ වටින ජංගම දුරකථනයක් තිබෙන බවට තහවුරු විමෙන් පසු එම සිසුවියන් දෙදෙනා එම මුදල් පසුම්බිය හැටන් පොලිසියට භාර දි තිබේ.

හැටන් විල්ෆ්‍රඩ්පුර දේශයේ පදිංචි සුසාන්ති රෝහාන් මහත්මිය ඉකුත් මස 27 වෙනිදා පාසල නිම වු තම දියණිය රැගෙන යාමට පැමිණි අවස්තාවේ තමා සන්තකයේ තිබු මුදල් පසුම්බිය නැති වු බවට හැටන් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව මුදල් පසුම්බියේ අයිතිකරු සොයා ගැනිමට හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සමත් වි ඇත. එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන ලොගේස්වරි ධනපාලන් සහ එම පාසල් සිසුවියන් දෙදෙනා අද (08) හැටන් පොලිසියට කැඳවා ඔවුන් ඉදිරියේදි මුදල් පසුම්බිය අයිතිකාරිනියට ලබාදිමට හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කටයුතු කළා.පාසල් සිසුවියන් වශයෙන් තමන්ට අයිති නොවන මුදල් පසුම්බියක් අයිතිකරු සොයා භාර දිමට සිදුකළ උදාර ක්‍රියාවට හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා, සිය ස්තුතිය පල කරමින් එම සිසුවියන් දෙදෙනාට තිළිණද ලබා දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post