News Line| Off Air
Generic placeholder image

Nov
9

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය 14වෙනිදා පෙන්වනවා

324 Views


ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය 14වෙනිදා පෙන්වනවා

පාර්ලිමේන්තුව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබන 14 වනදාට භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා තිබෙනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ ඒ සදහා කතානායකවරයාගේ ද එකඟතාවය ලැබී තිබෙන බවත් එය වැලැක්වීම සඳහා නොයෙක් නොයෙක් උත්සහායන් මේ රට තුළ මේ පිරිස දැරීමට පුළුවන් නිසා මේ රට පත්ව ඇති මෙම අරාජික තත්වයෙන් මුදා ගැනීම සෝභිත ස්වාමින් වහන්සේගේ ප්‍රාර්ථනා ඉටුකිරීමක් විදියට දකින බවත් එතුමා සඳහන් කළේය.

රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය විනාශ කරමින් හා ජනතාවට එරෙහිව යමින් ක්‍රියා කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදී අරගලය නව මානයකට පැමිණ තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

පාර්ලිමේන්තුවේ බහුතර බලයට එහි ස්ථාවර නියෝග ඉවත් කිරීමටත් හා අත්හිටුවීමටත් තමන්ගේ න්‍යාය පත්‍රය කුමක්ද යන්න තීරණය කිරීමට සේම තමන්ට ඕනෙ යෝජනාවක් සම්මත කිරීමට හැකි බවත් පැවසූ එතුමා සඳහන් කළේ පාර්ලිමේන්තුව සතු සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය එදිනට පරිහරණය කිරීමට කටයුතු කරන බවයි.

අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමි ගුණ සමරු උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post