අද දවසේ ඔබගේ ලග්නයට අදාල ලග්න පලාපල මෙන්න
10503 Views
අද 2018 නොවැම්බර් මස 13 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 02.51 සිට සවස 04.20 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 02.57 සිට අලුයම 04.27 දක්වා
සුභ දිශා – උතුර/ නැගෙනහිර
මරු සිටින දිශාව – වයඹ
මේෂ ලග්නය
කාය ශක්තිය ඇතිවෙන දිනයක්. නායකත්වයට පත්වීමේ භාග්‍යය ඔබට අද හිමිවෙනවා. ස්වකීය අදහස් නොසඟවා වැරදිකරුවන් ග්‍රහණයට හසුකරගැනීමේ බලයක් ඔබට අද හිමිවෙනවා. අද ඔබේ විවාහය ප්‍රමාද වී තිබුණානම් ඒ සියල්ල අද හොඳින් විසඳෙන දිනයක්. තැනට ඔබින ලෙස සිටීම, සිතීම , කටයුතු කිරීමට ඒ වගේම කාලය ගත කිරීමට ශක්තියක් ලැබෙනවා.
ජය වර්ණ ලා රතු පැහැය සහ රෝස ජය අංකය 01
වෘෂභ ලග්නය
ඉතා මනා දැකීමට ප්‍රිය මනාප පෙනුමක් ඔබට ලැබෙන දිනයක්. තියුණු වගේම අවංක සහගත ආත්ම ශක්තියක් ඔබට හිමි වෙන දිනයක්. ඔබට සතුරු පිඩාවක් තිබුනානම් ඒවා යටපත් වන දිනයක්. ඒ වගේම ඔබට විදේශගත වන්නට යම් අදහසක් ආවොත් ක්‍රියාත්මක කරන්න යෝග්‍යය දිනයක්. ඒ වගේම විශ්ව භාෂාවක් හදාරන්න හිතුනනම් අද යහපත් දිනයක්.
ජය වර්ණ ලා තැඹිලි පැහැය, ලා කහ පැහැය ජය අංකය 09
මිථුන ලග්නය
අද දින ඔබ ගංගා ඇල දොළ වල නෑමට නොයන්න. තෙත කොණ්ඩය පිටින් නිදාගන්න එපා. ණයට සල්ලි දෙන්නත් එපා ගන්නත් එපා. ඒ වෙනුවට පිනට ලබාදෙන්න. ඒ වගේම ශාරීරික ව්‍යායාම් කිහිපයක් කොට දවස ආරම්භ කරන්න. ආගමානුකුලව කටයුතු කරන්න. අද දිනයේ ඔබට අන් අයගේ සහයෝග ලැබෙන දිනයක්. වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්න එපා. සුරතල් සතුන් සමඟ ගනුදෙනු කිරීමේදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය කොළ පැහැය ජය අංකය 08
කටක ලග්නය
අතපසු වෙන වැඩ ගොඩක් අද දිනයේ ඔබට තියෙන්න පුළුවන්. එකෙන් ඔබට දෝෂාරෝපණ එන්න පුළුවන්. ස්වයං ව්‍යාපාරය, කාර්යාලය , නිවාස කියන තුනෙන් ඔබ කඩිසර වෙන්න ඕන. විශේයෙන් කඩිසර වීමේදී කණ්ඩායම් හැඟීම අන් අයගේ උදව් ගැනීමට සුදුසු තත්වයකට අද ඔබ පත් වෙන්න ඕන. ඉවසීමෙන් කටයුතු කරන්න. අද ඔබට මව් සෙනෙහස ඉතාම වැඩියෙන් ලැබෙන දිනයක්. උරුමය ලැබීමේ භාග්‍යය ඔබට ද දිනයේදී හිමිවෙනවා.
ජය වර්ණය සුදු පැහැය පැහැය ජය අංකය 07
සිංහ ලග්නය
අද දිනයේ ඔබ ඔබේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම දුර ගමන් කෙටි ගමන් යාමේදී යන වාහනය ගැන සැලකිලිමත් වන්න ඕන. නිරාහාරව සිටීම නොකළ යුතුයි. ඔබේ ලිපි ලේඛන වල සුරක්ෂිතභාවය පිලිබඳව ඔබ අද සැලකිලිමත් විය යුතුයි.
ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය 06
කන්‍යා ලග්නය
අද දිනයේ ඔබට අතපසු වුණ සියලු වැඩ ඉවර කරලා ජයග්‍රාහි මාවතකට එන්න පුළුවන්. විශේෂයෙන් උසස් අධ්‍යාපනය හදාරන අය ඔබේ අධ්‍යපාන කටයුතු වලදී ධාරණ මතක ශක්තිය ඉතා ඉහලයි. සමබරව කටයුතු කරන්න. ඒ සියල්ල පිළිවෙලට කරොත් ඔබට අද දිනයේ චිත්ත ප්‍රීතිය ඇති වීමට එය හේතු වෙනවා.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 05
තුලා ලග්නය
තමාගේ නිවසේ යම්කිසි වාස්තු දෝෂයක් තිබුනානම් එය ඉවත් කරගන්න ඉතා යහපත් දිනයක්. මේකෙන් ඔබේ නිවසට ඉඩමට සතුට සෞභාග්‍යය උදා කරගන්න පුළුවන්. මෙතෙක් පැවති සියලු කරදර ආර්ථික තහංචි ඉවත් කරගන්න මනරම් දිනයක්. සමබර ලෙස කටයුතු කරන්න.
ජය වර්ණ ලා දම් පැහැය, ලා තැඹිලි ජය අංකය 04
වෘශ්චික ලග්නය
ඔබට උත්පත්තියෙන්ම අන් අය තේරුම් ගැනීමේ අන් අය වටහා ගැනීමේ මහා ශක්තියක් තිබෙනවා. මෙය අද දෙගුණ තෙගුණ වෙනවා. ඒ වගේම අද ඔබට නිවසේ වගකීමක් පැවරෙන දිනයක්. ප්‍රඥාවෙන් කටයුතු කරන්න. විදේශගත වීමේ වරමකුත් අද දිනයේ ඔබට තිබෙනවා.
ජය වර්ණය ලා රතු, තද රතු පැහැය ජය අංකය 03
ධනු ලග්නය
ඔබට අන් අය පාලනය කිරීමේ ශක්තිට්‍යක් ඇති වෙනවා. කටහඬ යොදාගෙන රාජකාරි කරන අයට අද අතිරේක වාසි වගේම පුදුමාකාර ප්‍රසිද්ධියක් ලැබෙන දිනයක්. කෙලින් වැඩ කරන අවංක වැඩ කරන ඉදිරියට යන අය අද ඔබේ කල්‍යාන මිතුරන් බවට පත්වෙනවා. සතුරන් ඉවත්වීමේ භාග්‍යයක් අද ඔබට හිමි වෙනවා. ආගමානුකුලව දවස ආරම්භ කරන්න.
ජය වර්ණය ගුරු පැහැය ජය අංකය 02
මකර ලග්නය
ඔබට උපතින්ම ධාරණ ශක්තියක් හිමි අය. ඒ තත්වය අද වැඩි දියුණු වෙනවා. ඒ වගේම ඕනම ප්‍රශ්නයෙකදී සිනාමුසු මුහුණින් ඔබ කටයුතු කරනවා. කන්න නුසුදුසු කෑම කන්න එපා. ආශ්‍රය කල යුතු අය පමණක් ආශ්‍රය කරන්න. අද අවශ්‍ය ගමන් පමණක් යන්න. ඔබ දැහැමි කෙනෙක්නම් පිනවන්ත කෙනෙක්නම් නිර්මාංශ කෙනෙක්නම් ඔබ කිසිම එරෂ්ටකයට බිය විය යුතු නෑ. ආගමානුකුලව කටයුතු කරන්න,
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 01
කුම්භ ලග්නය
අද දිනයේ ඔබ ලිපිලේඛන අත්සන් කරනවිට පරිස්සම් විය යුතු දිනයක්. කලබල වෙලා කිසිදු කටයුත්තක් නොකරන්න. ඔබේ පුද්ගලික දේපල පිළිබඳව ඉතා සැලකිලිමත් වන්න. මුදල් ගනුදෙනු වලදී ප්‍රවේසම් වන්න. මේ නිසා සිතාමතා කටයුතු කරන්න. මුදල් පසුම්බිය පිළිබඳව සැලකිලිමත් වන්න. ණයට නොදෙන්න.
ජය වර්ණ ලා නිල් ,තද නිල් පැහැය ජය අංකය 03
මීන ලග්නය
මෙතක් ඔබ සිත් තැවුලෙන් පසු වුණානම් කටයුතු ගැන තැවී තැවී හිටියනම් ඒවාට විසඳුම් ලැබෙන දිනයක්. දුර ගමන් යනවනම් වාහනය පරීක්ෂා කොට එම ගමන යන්න. මුදල් වගේම පින් රැස් කිරීමේ භාග්‍යයක් ඔබට හිමිවෙනවා. ධාර්මිකව අද දිනයේදී කටයුතු කරන්න. ඔබ කාලයක් රෝග පිඩාවක් වින්දානම් අද සැනසිලි තත්වයක් ලැබෙනවා.
ජය වර්ණ තද කහ පැහැය ජය අංකය 02
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන 0115010829