News Line| Off Air
Generic placeholder image

Jan
7

ක්‍රිකට් කණ්ඩායමෙන් නව වාර්තාවක්

1050 Views


ක්‍රිකට් කණ්ඩායමෙන් නව වාර්තාවක්

විරාත් කෝලි ප‍්‍රමුඛ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (07) නව කි‍්‍රකට් වාර්තාවක් බිහි කළා. ඒ, ඉතිහාසයේ පළමුවරට ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරමින්.

දෙරට අතර පැවැති තරග 04 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉන්දියාව අද ජය ගත්තේ 2 ට 1ක් ලෙසයි. ඒ, සිව්වන සහ අවසන් ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.

මෙම තරගයේදී ඕස්ටේ‍්‍රලියාවට පිට පිට දෙවන වතාවටත්, සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට සිදු වුණා. සිය රටේදී ඔවුන්ට එවැනි ඉරණමක් අත්වුණේ වසර 31කට පසුව වීමද විශේෂත්වයක්.

මේ අතර මෙම තරගාවලිය ජය ගැනීමත් සමග ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් 05වන කණ්ඩායම ලෙස ද ඉන්දියාව අද ඉතිහාසයට එකතු වුණා.


News Articles
Latest Videos
Most Popular Post