News Line| Off Air
Generic placeholder image

Jan
17

දසුන්ගෙයි හංසිගෙයි ජීවිතය මැද්දට තවත් කෙල්ලෙක්

517 Views


දසුන්ගෙයි හංසිගෙයි ජීවිතය මැද්දට තවත් කෙල්ලෙක්

අලුත් අවුරුද්දෙ අලුත් කෙනෙක්ද සුන්ගෙයි හංසිගෙයි ෂයියාගෙයි මැද්දට ආවා කියලා ආරංචියි?

ඔව්. මේ අවුරුද්ද ලබද්දී මගේ දෙවැනි දුව ඉපදුණා. මේ දවස්වල තවත් බලාපොරොත්තු ජීවිතයට ආවා. ඒත් එක්ක තවත් වැඩ කරන්න ඕනෙ කියලා හැඟීමකුත් එනවා. පවුල ගැන බලනවා වගේම සුපුරුදු විදියට කලාවේ වැඩ කටයුතුත් කරගෙන යනවා.

අලුත් අමුත්තියට නමක් තිබ්බද?

ඔව්. එයාගේ නම ශායා ලිලි.

දෙවැනි දරුවත් දුවෙක් වෙනවටද බලාපොරොත්තුවෙන් හිටියේ?

මම ආස කරන්නෙත් කෙල්ලන්ට. මම ආස විදියටම කෙල්ලො තමයි අපිට හම්බුණේ. තව ළමයි හදන්න බලාපොරොත්තුවක් තාම හිතේ නෑ. මම හිතනවා මේ දෙන්නා මට ඇති කියලා.

පුතෙකුත් හිටිය නම් කියලා හිතෙන්නෙ නැද්ද?

නෑ.. කොහොමහරි නිරෝගී දරුවෙක් තමයි මට ඕනකම තිබ්බෙ. කෙල්ලො ගොඩක් එක්ක ගෙදර තනි කොල්ලා වුණාම වෙන ආතල් එකක් තියෙනවා. ලංකාවට හොඳ නිළියන් විදියටවත් මොළේ තියෙන කෙල්ලො හදන්න මට ඕනකම තිබුණා. වෙන කාන්තාවො හදන්න බෑ මට. හොඳම දේ තමයි මගේ ළමයි හදාගන්න එක. ඒකට මම ට්‍රයි එකක් දෙනවා.

ඒ කියන්නේ ඔබේ දරුවො අනාගතයේදී රංගනයට එකතු වෙයිද?

මම නම් කැමැතියි එහෙම වෙනවට. ඒත් දරුවො කැමැති වුණේ නැත්නම් කරන්න දෙයක් නැහැ.

දසුන් කලා කටයුතු එක්කත් කාර්යබහුල වෙද්දී පවුලේ වැඩකටයුතු වෙනුවෙන් වෙන් කරන්න කාලය තිබෙනවාද?

දරුවන්ගෙ සද්දෙ, ඒ දේවල් එක්ක මේ දවස්වල ෂූටින් ගිහින් ගෙදර ගියත් රෑට නින්දක් නැහැ. මම හිතනවා ඒක ඉස්සරහට පුරුදුවෙයි කියලා. රංගන කටයුතු, පවුලේ කටයුතු බැලන්ස් කරගන්න පුරුදු වෙන්න වෙනවා.

දසුන් දැන් වගකීම් සහගත පියෙක් වෙලාද?

මේ දවස් ටිකේ ෂූටින් තියෙනවා. ඒ නිසා එළියෙ ඉන්නෙ. කොහොමත් ගෙදර ගියාම ගෙදර වැඩත් කරන්න වෙනවා. ඒවා සාමාන්‍යයෙන් අපිට කරන්න වෙන වැඩ. වගකීම් විදියට මම ඒවා භාර ගන්නෙ නැහැ. වගකීම් විදියට භාර ගන්නෙ ෆිල්ම් එකක් වගේ දෙයක් තමයි.

මම දරුවෙක් හැදුවානම් මම ඒ කාර්යයන් කළ යුතුයි. ඒවා වගකීම් නෙමෙයි යුතුකම්.

දසුන් වගකීමක් කරගත්ත කලා කටයුතු කරන්න හංසිගෙන්නි දහස ලැබෙනවද?

රංගන කටයුතුවලට හංසිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ නිසාම තමයි මම හංසිව බැන්දේ. එයා රංගන කටයුතුවලදී කිසිම දේකට එපා කියන්නෙ නැහැ. එයාට තේරුම් ගැනීමක් තියෙනව මං ගැන.

දසුන් ආසම පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයෝ අතරට යන්නද? රිදී තිරයෙන් ප්‍රේක්ෂකයෝ අතරට යන්නද?

මුල් කාලයේදී රිදී තිරයට එන එක තමයි අපේ සිහිනය වෙලා තිබුණේ. නමුත් මේ වෙලාවෙ ලංකාවෙ තියෙන තත්ත්වෙ එක්ක රිදී තිරයෙන්, පුංචි තිරයෙන්, වෙබ් මාධ්‍යයෙන් හරි, මොකක් හෝ මාධ්‍යකින් ප්‍රේක්ෂකයන් අතරට යන්න වෙනවා. ඒ නිසා මේ වෙලාවෙ හැමදේම ටච් කරන්න වෙනවා. ආසම සිනමාවට වුණාට අපිට ඕන කරන වැඩ හැමදෙයක්ම ලැබෙන්නෙ නැහැ. ඒ නිසා හැම මාධ්‍යකින්ම ප්‍රේක්ෂකයෝ අතරට යන්න වෙනවා.

ඒකට විශේෂ හේතුවක් තියෙනවද?

ලංකාවෙ කලාකරුවකුට තියෙන වටිනාකම අඩුයි. හදිසියේ අපිට අනතුරකට හෝ මුහුණ පාන්න වුණත් අපි වෙනුවෙන් කවුරුවත් නෑ. මම හිතනවා බොහෝ දුරට පසුකාලීනව විදේශගත වෙයි කියලා.

දිගටම ලංකාවෙ ඉන්නවාද?

දිගටම ලංකාවෙ ඉන්න බලාපොරොත්තුවක් නැහැ.

අලුත් අවුරුද්දෙ ප්‍රේක්ෂකයන්වෙ නුවෙන් යමක් කියන්නත් ඇති?

ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නෙ බුද්ධිමත් ලෙස කල්පනා කරලා හැම තීරණයක්ම ගන්න. හොඳ නිර්මාණ බලන්න. දරුවන්ට හොඳ නිර්මාණ පෙන්නන්න.සතුටින් ජීවත් වෙන්න කියන එක තමයි.


News Articles
Latest Videos
Most Popular Post