News Line| Off Air
Generic placeholder image

Jan
19

‘‘ඇමරිකාවෙන් එන ගුවන් යානා, නැව් වලට ගාස්තුවක් නෑ- ඇමරිකානු ගුවන් විදුලි නාලිකාවකුත් ලංකාවට‘‘ රජය සමඟ කළ සාකච්ඡාවේ හෙළි වූ රහස

761 Views


‘‘ඇමරිකාවෙන් එන ගුවන් යානා, නැව් වලට ගාස්තුවක් නෑ- ඇමරිකානු ගුවන් විදුලි නාලිකාවකුත් ලංකාවට‘‘ රජය සමඟ කළ සාකච්ඡාවේ හෙළි වූ රහස

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හා විදේශ කටයුතු අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී අප රටේ තාවකාලිකව රැඳී සිටින ඇමරිකානු හමුදා භටයන් සහ සිවිල් වැසියන් මෙන්ම ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ගුවන්විදුලි ජාලයක්‌ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය විසින් ඉඩ ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එම සාකච්ඡාවලට අදාළ රහස්‌ ලියවිල්ලකින් එම තොරතුරු හෙළිවී තිබෙන බවයි සඳහන් වන්නේ. එසේම මෙරටට පැමිණෙන කිසිදු ඇමරිකානු ගුවන් යානයකින් හෝ නැවකින් ගොඩබෑමේ ගාස්‌තු වරාය ගාස්‌තු හෝ වෙනත් ගාස්‌තු අය නොකළ යුතු බව ඇමරිකානු තානාපති කාර්යාලය යෝජනා කර ඇති බව සඳහන් වෙනවා.

මීට අමතරව ඇමරිකානු හමුදා නිලධාරීන්ට ඕනෑම තැනක නිදහසේ ගමන් කිරීමටද ඉඩදිය යුතු බවත්,ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වෙන්වූ විදුලි සංදේශ පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමටද ඉඩදිය යුතු බවත් එම රහස්‌ ලියවිල්ලේ දක්‌වා තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post