News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

පොහොට්ටුවෙන් අනිවාර්යෙන්ම එන්නේ රාජපක්ෂවරයෙක්

995 Views


පොහොට්ටුවෙන් අනිවාර්යෙන්ම එන්නේ රාජපක්ෂවරයෙක්

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම රාජපක්‍ෂවරයෙකු ඉදිරිපත් වන බව පැවසීය. එතුමා මේ බව පවසා සිටියේ, වැලිකන්ද, කරපොළ, දමිළ ගම්මානයේ ඊයේ (21දා) පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගි වෙමිනි.

“මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා ජනතා බලය, ඡන්ද බලය දවසින් දවස අඩු වෙනවා. කවුරු මොනවා කිව්වත් අද වැඩි පිරිසක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා එක්ක. ඒක නිසා අපි ඉදිරි ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහු නම්කරන අපේක්ෂකයෙකු මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කරනවා.

ඒක ස්ථිරයි. අද පොළොන්නරුවේ වැලි මාෆියාවක් තියෙනවා. මෙතැන හොර ගුහාවක් වෙලා. අපේ පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකු පත්වුණු ගමන් වංචා, දූෂණ, හොර වැඩ නවත්වලා ජනතාවට ඒ සහන ලබා දෙනවා” යැයි ප්‍රකාශ කර සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post