බණ්ඩාරවෙල නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර පොලීසිය හා ප්‍රේක්ෂකයින් අතර ගැටුමක් හටගෙන තිබේ.පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊයේ සවස 6 ට ආරම්භ වූ සංගීත ප්‍රසංගය රාත්‍රී 10 ට අවසන් කිරීමට නියමිතව තිබුනා.ඒ සඳහා බණ්ඩාරවෙල පොලිස් ස්ථානයෙන්ද නිසි අවසර ගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ.නමුත් සංවිධායකයින් රාත්‍රී 10 ට අවසන් වීමට නියමිතව තිබූ ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර රාත්‍රී 9.30 වනතෙක් අලෙවි කර තිබෙනවා.
එම ප්‍රවේශපත් ලබාගත් පුද්ගලයින් ප්‍රසංගයට පැමිණ සුළු වෙලාවකින් ප්‍රසංගය අවසන් වීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවූ බවයි පොලිසිය පවසන්නේ.
පිරිස පාලනය කිරීම සඳහා පොලිසීය ක්‍රියාකිරීමත් සමඟ ප්‍රේක්ෂකයින් සහ පොලිසීය අතරද ගැටුමක් හටගත් බවයි වාර්තා වෙන්නේ. පසුව ප්‍රසංගය නතර කර නැරඹීමට පැමිණි සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් කිරීම පොලිසීය ක්‍රියා කර තිබුණි.ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තුවාල සිදුව තිබේ. පොලීසිය පැවසුවේ කලහකාරීව හැසිරුණු 30 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්වූ බවයි.
https://www.facebook.com/liveshowsrilanka/videos/1271533439680072/
මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ සංගීත කණ්ඩායමේ නායක ප්‍රදීප් මහතා.